ads
Entertainment

 'පොයෙට් ඔෆ් ද මාර්ජින්' කෘතිය එළිදැක්වෙයි

zira-fb
zira-twitter
zira-whatsapp
zira-viber
zira-fb
zira-twitter
zira-whatsapp
zira-telegram
zira-viber
තරුණ කවියෙක් වන විදුන විජයබණ්ඩාර මහතාගේ නවතම කාව්‍ය සංග්‍රහය වන 'පොයෙට් ඔෆ් ද මාර්ජින්' (Poet of the Margin) කෘතිය එළිදැක්වීමේ උත්සවය පසුගියදා මහවැලි කේන්ද්‍රයේදී ඉතා උත්කර්ෂවත් අයුරින් පැවැත්වුණා. නියෝජ්‍ය කතානායක වෛද්‍ය රිස්වි මොහොමඩ් මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුවුණු මෙම කෘති එළිදැක්වීම සඳහා සම්භාවනීය අමුත්තන් රැසක් එක්ව සිටියා.

ජීවිතය, පවුල, ආදරය, විරහව, මිත්‍රත්වය මෙන්ම සොබාදහම වැනි අපගේ දෛනික ජීවිතයට සමීප විවිධ මාතෘකා ඔස්සේ රචනා කළ කවි 80කට වැඩි සංඛ්‍යාවක් මෙම කෘතියට ඇතුළත් කර තිබෙනවා. තරුණ කවියෙකු වන විදුන විජයබණ්ඩාර මහතා සමාජයේ විවිධ පැතිකඩ සහ මානුෂීය හැඟීම් තම නිර්මාණ හරහා අපූර්ව ලෙස ඉදිරිපත් කිරීමට මෙම කෘතිය තුළින් සාර්ථක උත්සාහයක් දරා තිබෙනවා.

මෙහිදී අදහස් දැක්වූ නියෝජ්‍ය කතානායක වෛද්‍ය රිස්වි මොහොමඩ් මහතා කියාසිටියේ විදුන විජයබණ්ඩාර වැනි තරුණයින්ගේ දක්ෂතාව සහ කැපවීම රටේ ඉදිරි ගමනට සතුටුදායක බලාපොරොත්තුවක් එක්කරන බවයි. සුවිශේෂී ජීවන අත්දැකීම් සහ හැඟීම් සමුදායක් කැටි කරගත් මෙම කෘතිය රසික ආස්වාදය පිණිස මේ වන විට එළිදැක්වී තිබෙනවා.

0%
0%
0%
0%
Comments