ads
Entertainment

"ආදරෙන්" චිත්‍රපටයේ මුහුරත් උළෙල දා

zira-fb
zira-twitter
zira-whatsapp
zira-viber
zira-fb
zira-twitter
zira-whatsapp
zira-telegram
zira-viber
තමිල්නාඩු සිනමාපට නරඹන ප්‍රේක්ෂකයින් අතර මහත් හදබැඳගැනීමට ලක්වූ 'With Love' කොලිවුඩ් සිනමාපටයේ සිංහල ප්‍රතිනිර්මාණය "ආදරෙන්" නමින් ප්‍රේක්ෂකයන් හමුවට පැමිණීමට සියලු කටයුතු සූදානම් වෙමින් පවතිනවා.

මෙරට ප්‍රවීණ රංගන ශිල්පියෙකු, අධ්‍යක්ෂවරයෙකු මෙන්ම දක්ෂ සටන් ශිල්පියෙකු ද වන සේනක විජේසිංහ මහතා විසින් මෙම සුන්දර සිනමාපටය අධ්‍යක්ෂණය කරනු ලබනවා. 

මහේෂ්වරී ගනේෂන් මහත්මියගේ නිෂ්පාදනයක් ලෙස එළිදකින "ආදරෙන්" චිත්‍රපටයේ මංගල මුහුරත් උළෙල පසුගියදා ජාතික චිත්‍රපට සංස්ථාවේ දී අතිඋත්කර්ෂවත් ලෙස පැවැත්වුණා. මෙම සුවිශේෂී අවස්ථාව සඳහා ක්ෂේත්‍රයේ ප්‍රවීණ රංගන ශිල්පීන්, කාර්මික ශිල්පීන් මෙන්ම මාධ්‍යවේදීන් රැසක්ද සුබ පැතුම් එක්කිරීම සඳහා එකමුතු වී සිටියා.

මෙරට ජනප්‍රිය සහ ආදරණීය නළු නිළියන් රැසකගේ රංගන දායකත්වයෙන් බැබළෙන "ආදරෙන්" චිත්‍රපටයේ රූපගත කිරීම් කටයුතු ද නුදුරේදීම ආරම්භ කිරීමට නියමිතයි. 

0%
0%
0%
0%
Comments