ads
Feature

ආනන්ද සමරකෝන් ගුණානුස්මරණ මහෝත්සවය

zira-fb
zira-twitter
zira-whatsapp
zira-viber
zira-fb
zira-twitter
zira-whatsapp
zira-telegram
zira-viber
ශ්‍රී ලංකා ජාතික ගීයේ නිර්මාතෘ, අසමසම කලාකරු අභාවප්‍රාප්ත ආනන්ද සමරකෝන් ශ්‍රීමතාණන්ගේ ගුණානුස්මරණ මහෝත්සවය සංවිධානය කිරීම පිළිබඳ විශේෂ සාකච්ඡාවක් පසුගියදා බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතාගේ ප්‍රධානත්වයෙන් අමාත්‍යාංශ පරිශ්‍රයේදී පැවැත්වුණා.

ලබන නොවැම්බර් 21 වන දා පෙරවරු 10.00ට බත්තරමුල්ල "අපේ ගම" පරිශ්‍රයේ පිහිටි ආනන්ද සමරකෝන් පිළිරුව අභියසදී මෙම ගුණසමරුව උත්කර්ෂවත් අන්දමින් පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා. 

ජාතික කලාකරුවෙකු වෙනුවෙන් කෙරෙන මෙම උපහාරය උපරිම අයුරින් සාර්ථක කර ගැනීමට අමාත්‍යාංශය පාර්ශ්වයෙන් ලබා දිය හැකි උපරිම සහයෝගය සහ දායකත්වය ලබාදීමට කටයුතු කරන බව අමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කළා. මේ සම්බන්ධයෙන් ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව නිල වශයෙන් දැනුම් දීමටද අමාත්‍යවරයා එකඟ වුණා.

මෙම අවස්ථාව සඳහා ආනන්ද සමරකෝන් පදනම නියෝජනය කරමින්:

සභාපති - සුනිල් සමරකෝන් මහතා

ලේකම් - සරත් ජයවීර මහතා

භාණ්ඩාගාරික - ඉලංගා කරුණාරත්න මහත්මිය

ජාතික සංවිධායක - ජයන්ත කරුණාරත්න මහතා

කාරක සභික - අජන්ත මහතා ඇතුළු පවුලේ ඥාතීහු පිරිසක් සහභාගී වූණා.

0%
0%
0%
0%
Comments