ads
Lifestyle

2030 වන විට ශ්‍රී ලංකාව ජලභීතිකා රෝගයෙන් නිදහස් රටක් වේවිද?

zira-fb
zira-twitter
zira-whatsapp
zira-viber
zira-fb
zira-twitter
zira-whatsapp
zira-telegram
zira-viber
2030 වසර වන විට ජලභීතිකා රෝගය ශ්‍රී ලංකාවෙන් සම්පූර්ණයෙන්ම තුරන් කිරීමේ අරමුණින් යුතුව විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට සත්ත්ව නිෂ්පාදන සහ සෞඛ්‍ය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙනවා.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් සත්ත්ව නිෂ්පාදන සහ සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය සංජික පෙරේරා මහතා පවසන්නේ රෝගය මිනිසුන් කරා පැතිරීම වැළැක්වීම සඳහා සතුන්ගෙන් මෙම රෝගය මුලිනුපුටා දැමීම අත්‍යවශ්‍ය කරුණක් බවයි. මෙම අරමුණ සාක්ෂාත් කර ගැනීමේ ප්‍රථම පියවරක් ලෙස විදේශීය සංවිධාන රැසකගේ සහභාගීත්වයෙන් දින හතරක විශේෂ වැඩමුළුවක් කටුනායක ප්‍රදේශයේ හෝටලයකදී සංවිධානය කර තිබුණා.

පසුගිය දශක කිහිපයේ ප්‍රගතිය සහ වර්තමාන තත්ත්වය

your image

ජල භීතිකා මර්දන වැඩසටහන මෙරට ආරම්භ කරන ලද්දේ මීට වසර හැත්තෑවකට පමණ ඉහතදී වන අතර, 1973 වසරේදී මෙම වැඩසටහන නිල වශයෙන් ආරම්භ කෙරුණා. එම කාලසීමාවේදී වසරකට සිදුවූ මරණ සංඛ්‍යාව තුන්සිය හැත්තෑවකට අධික වූ බවත්, ක්‍රමානුකූලව ගත් පියවරයන් හේතුවෙන් වර්තමානය වන විට එම අගය දාහතර දක්වා අඩු කර ගැනීමට හැකි වී තිබෙනවා. 

රෝහල් මගින් සිදුවන එන්නත්කරණ ක්‍රියාවලිය හේතුවෙන් රෝගීන්ගේ ජීවිත රැක ගැනීමට හැකි වුවද, වාර්ෂිකව සිදුවන සපා කෑම් සංඛ්‍යාව තවමත් ඉහළ මට්ටමක පවතින බවයි අධ්‍යක්ෂ ජනරාල්වරයා පෙන්වා දෙන්නේ.

සත්ත්ව හිමිකාරිත්වයේ වගකීම සහ අනාගත දැක්ම


රජයට විශාල ආර්ථික බරක් වන මෙම එන්නත්කරණ වැඩසටහන වෙනුවට, රෝගය සුනඛයන්ගෙන් පාලනය කරමින් එම බරින් රජය මුදවා ගැනීම මෙම නව වැඩපිළිවෙළේ මූලික අරමුණයි. 

විශේෂයෙන්ම වීථි සතුන්ට ආහාර ලබා දෙන පුද්ගලයන් එම සතුන්ගේ වගකීමද භාර ගත යුතු බව වෛද්‍ය සංජික පෙරේරා මහතා අවධාරණය කරනවා. සුනඛයන් තුළින්ම මෙම රෝගය පාලනය කිරීම හරහා ජල භීතිකා රෝගය මෙරටින් සහමුලින්ම තුරන් කළ හැකි වනු ඇති බවටයි සත්ත්ව නිෂ්පාදන සහ සෞඛ්‍ය දෙපාර්තමේන්තුව විශ්වාසය පළ කර තිබෙන්නේ.

0%
0%
0%
0%
Comments