ads
Feature

ඉන්දියාවේ නව හයිඩ්‍රජන් දුම්රිය ගැන ඔබ දැනගත යුතුම දේ!

zira-fb
zira-twitter
zira-whatsapp
zira-viber
zira-fb
zira-twitter
zira-whatsapp
zira-telegram
zira-viber
ඉන්දියාවේ ප්‍රවාහන ක්ෂේත්‍රයේ නව පරිච්ඡේදයක් සනිටුහන් කරමින් හයිඩ්‍රජන් බලයෙන් ධාවනය වන පළමු මගී දුම්රිය සේවාව පසුගියදා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ ප්‍රධානත්වයෙන් ජින්ද් දුම්රිය ස්ථානයේදී නිල වශයෙන් ආරම්භ කර තිබෙනවා.

ඉන්දියාවේ "මේක් ඉන් ඉන්දියා" (Make in India) වැඩසටහනේ තවත් සුවිශේෂී ජයග්‍රහණයක් ලෙස සැලකෙන මෙම දුම්රිය, හරියානා ප්‍රාන්තයේ ජින්ද් සිට සෝනිපත් දක්වා කිලෝමීටර් 89ක දුරක් ආවරණය කරමින් ධාවනය වීමට නියමිතයි.

මෙම දුම්රියේ ඇති විශේෂත්වය වන්නේ හයිඩ්‍රජන් ඉන්ධන කෝෂ තාක්ෂණය භාවිතයෙන් තමන්ටම අවශ්‍ය විදුලිය දුම්රිය තුළදීම නිපදවා ගැනීමයි.සාම්ප්‍රදායික ඩීසල් හෝ විදුලි දුම්රිය මෙන් නොව, මෙය ක්‍රියාත්මක වීමේදී කිසිදු හානිකර කාබන් විමෝචනයක් සිදු නොවන අතර, අතුරු ඵලයක් ලෙස පරිසරයට මුදා හැරෙන්නේ ජල වාෂ්ප පමණක් වීම සුවිශේෂී කරුණක් ලෙස සඳහන් කළ හැකියි.

අශ්වබල 3,200ක ධාවන පද්ධතියකින් බලගැන්වෙන මෙම දුම්රිය, දැනට ලොව ක්‍රියාත්මක වන බලවත්ම හයිඩ්‍රජන් මගී දුම්රිය අතරින් එකක් ලෙස සැලකෙනවා.මගීන් 2,600කට පමණ එකවර ගමන් කළ හැකි මෙම දුම්රිය, පරිසර හිතකාමී සහ කාර්යක්ෂම ප්‍රවාහන පද්ධතියක් කරා ඉන්දියාව තබා ඇති සාර්ථක පියවරක් ලෙස විචාරකයින් පෙන්වා දෙනවා.

මෙම නවීන තාක්ෂණය භාවිතය මගින් ඉන්දියාවේ දුම්රිය ගමන් වඩාත් පහසු සහ පරිසර හිතකාමී වනු ඇතැයි අපේක්ෂා කරන අතර, මෙය අනාගත ලෝකයේ තිරසාර ප්‍රවාහන විසඳුම් සඳහා කදිම නිදසුනක් බවට පත්ව තිබෙනවා.

0%
0%
0%
0%
Comments