මෙම තරගාවලියේදී මාලදිවයින නියෝජනය කරමින් ඉදිරිපත් වූ සුරූපිනියන් අතරින් ජයග්‍රාහී කිරුළ හිමිකර ගැනීමට අමිනාත් යුයින් මොහොමඩ් (Aminath Yuin Mohamed) සමත් වුණා. ඇයගේ මෙම ජයග්‍රහණය මාලදිවයින ජාත්‍යන්තර වේදිකාව නියෝජනය කිරීමේ තවත් වැදගත් සන්ධිස්ථානයක් ලෙස ද සැලකෙන අතර, ඉදිරියේදී පැවැත්වෙන ලෝක රූ රැජින තරගාවලිය සඳහා ඇය සුදුසුකම් ලබා සිටිනවා.
දේශීය සහ විදේශීය ආරාධිතයන් රැසකගේ සහභාගීත්වයෙන් පැවති මෙම උත්සවයේදී විලාසිතා ක්ෂේත්‍රයේ නව ප්‍රවණතා මෙන්ම තරගකාරිනියන්ගේ දක්ෂතා ද මනාව විදහා දැක්වීමට හැකි වූ අතර, මෙය වසරේ වඩාත්ම කතාබහට ලක්වූ සුන්දර අත්දැකීමක් බවට පත් වී තිබෙනවා.