ads
Entertainment

පද්ම ශ්‍රී සම්මානයෙන් පිදුම් ලැබූ ආර්. මාධවන්

zira-fb
zira-twitter
zira-whatsapp
zira-viber
zira-fb
zira-twitter
zira-whatsapp
zira-telegram
zira-viber
ඉන්දීය සිවිල් පුරවැසියෙකුට තම රට වෙනුවෙන් ඉටුකළ විශිෂ්ට සේවය උදෙසා ලැබෙන ඉහළම ගෞරව නාමයන් වන පද්ම භූෂන් සහ පද්ම ශ්‍රී සම්මානවලින් ඉන්දීය සිනමාවේ, සංගීතයේ සහ ක්‍රීඩා ක්ෂේත්‍රයේ දැවැන්තයන් පිරිසක් පිදුම් ලබා තිබෙනවා.

2026 වසරේ පද්ම සම්මානලාභීන්ගේ ඉතිරි පිරිස වෙනුවෙන් පවත්වන ලද දෙවන සිවිල් සම්මාන ප්‍රදානෝත්සවය පසුගියදා නවදිල්ලියේ පිහිටි ඉන්දීය ජනාධිපති නිල නිවස වන රාෂ්ට්‍රපති භවන් හිදී ඉතා උත්කර්ෂවත් අන්දමින් පැවැත්වුණා. 

ඉන්දීය ජනාධිපතිනි ද්‍රෞපදි මුර්මු මැතිනියගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම කීර්තිමත් උත්සවය සඳහා අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි, උප ජනාධිපති සී. පී. රාධක්‍රිෂ්ණන් සහ මධ්‍යම ස්වදේශ කටයුතු අමාත්‍ය අමිත් ශා ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් එක්ව සිටියා.

මෙහිදී විවිධ ක්ෂේත්‍රවල විශිෂ්ටයන් 65 දෙනෙකු ජනාධිපතිනිය අතින් සම්මානයෙන් පිදුම් ලැබූ අතර, මේ වසරේ ජනවාරි 25 වනදා ප්‍රකාශයට පත් කළ සම්මානලාභීන් 131 දෙනා අතුරින් දෙවන සහ අවසාන කොටස සඳහා සම්මාන ප්‍රදානය කිරීම එදින සිදු වුණා. 

මෙම සම්මාන උළෙලේදී කාගේත් අවධානය දිනාගත් සුවිශේෂී සිනමා තාරකාව වූයේ ප්‍රවීන නළු ආර්. මාධවන්. කලා ක්ෂේත්‍රයට ඉටුකළ අමිල මෙහෙවර වෙනුවෙන් ආර්. මාධවන්ට ඉන්දියාවේ සිව්වන ඉහළම සිවිල් සම්මානය වන පද්ම ශ්‍රී සම්මානය මෙහිදී පිරිනැමුවා.

1970 ජූනි 01 වනදා උපත ලැබූ ආර්. මාධවන්, ඉන්දීය සිනමාව තුළ හඳුන්වන්නේ භාෂා සීමා අතික්‍රමණය කළ රංගන ශිල්පියෙකු ලෙසයි. 1996 වසරේදී සිය ප්‍රථම සිනමා රංගනය සනිටුහන් කළ ඔහු එතැන් සිට මේ දක්වා වසර 30කට ආසන්න කාලයක් පුරා දෙමළ, හින්දි, ඉංග්‍රීසි, මලයාලම්, තෙළිඟු සහ කන්නඩ යන භාෂා 6ක සිනමාපට 56කට සිය රංගන දායකත්වය සපයා තිබෙනවා. 

ප්‍රකට සිනමාකරු මනිරත්නම්ගේ Alaipayuthey චිත්‍රපටයෙන් ලත් ඉහළ ජනප්‍රියත්වයත් සමඟ ඔහු බොලිවුඩයේ 3 Idiots, Rehnaa Hai Terre Dil Mein, Rang De Basanti සහ දෙමළ සිනමාවේ Vikram Vedha, Minnale වැනි සදාකාලික මතකයන් රැසක් ප්‍රේක්ෂකයාට තිළිණ කළා.

ඉන්දීය අභ්‍යවකාශ පර්යේෂණ ආයතනයේ විද්‍යාඥ නම්බි නාරායනන්ගේ ජීවිත කතාව අලලා මාධවන් විසින්ම ලියා අධ්‍යක්ෂණය කරමින් ප්‍රධාන චරිතය රඟපෑ Rocketry: The Nambi Effect සිනමාපටය කාන් සිනමා උළෙලේ පවා ඇගයීමට ලක්වූ අතර ඒ සඳහා ඉන්දියාවේ හොඳම චිත්‍රපටයට හිමි ජාතික සිනමා සම්මානය ද හිමිවුණා. 


0%
0%
0%
0%
Comments