ads
Feature

ෆෝමියුලා 1 ඇකඩමියට පිවිසි ලොව දිනූ ලාබාලතම ඉන්දීය යුවතිය

zira-fb
zira-twitter
zira-whatsapp
zira-viber
zira-fb
zira-twitter
zira-whatsapp
zira-telegram
zira-viber
ශ්‍රී නගර්හි උපන් එකොළොස් හැවිරිදි කරාටින් ක්‍රීඩිකා අතිකා මීර්, මෝටර් රථ ධාවන ක්ෂේත්‍රයේ ඉතිහාසයක් ලියමින් ලොව පුරා අවධානය දිනා ගැනීමට සමත්ව තිබෙනවා. ඇය 'ෆෝමියුලා 1 ඇකඩමි' හි කීර්තිමත් 'ඩිස්කවර් යුවර් ඩ්‍රයිව්' සංවර්ධන වැඩසටහන සඳහා තෝරාගත් පළමු ඉන්දීය සහ ආසියානු කාන්තා රියදුරිය ලෙස වාර්තා පොත් අතරට එක්ව තිබෙනවා.

මෙම වැඩසටහන ලොව පුරා සිටින දක්ෂ තරුණ කාන්තා රියදුරන් හඳුනාගෙන, ඔවුන්ට අවශ්‍ය මගපෙන්වීම, පුහුණුව සහ වෘත්තීය මෝටර් රථ ධාවන ක්ෂේත්‍රයට පිවිසීමට අවශ්‍ය අවස්ථාවන් ලබා දීම අරමුණු කරගෙන ක්‍රියාත්මක වන්නක්.

අතිකාගේ මෙම සාර්ථකත්වය පිටුපස ඇත්තේ ඇගේ පියා වන හිටපු රියැදුරු සහ ඉන්දියාවේ පළමු ජාතික කාර්ටින් ශූරයා වන ආසිෆ් මීර්ගේ ආභාෂයයි. සිය පියාගේ තරඟ ජයග්‍රහණ දෙස කුඩා කල සිටම විස්මයෙන් බලා සිටි අතිකා, ඒ ඔස්සේ මෙම ක්‍රීඩාව කෙරෙහි දැඩි ඇල්මක් දැක්වූවා.

අතිකා සිය ක්‍රීඩා දිවිය ඇරඹුවේ 2021 වසරේදී වන අතර, ඒ වන විට ඇගේ වයස අවුරුදු හතක්. තම පියාගේ දස්කම් දැක ඒ තුළින් ආභාසය ලැබූ ඇය, මේ වන විට තම ශාරීරික යෝග්‍යතාවය වැඩිදියුණු කර ගැනීමට සහ සිමියුලේටර් තාක්ෂණය ඔස්සේ රිය පැදවීමේ කුසලතා දියුණු කර ගැනීමට දැඩි වෙහෙසක් දරනවා. 

අතිකාගේ මෙම ගමන මෝටර් රථ ක්‍රීඩාවට පිවිසීමට සිහින දකින ලොව පුරා සිටින දහස් ගණනක් තරුණියන්ට අද වන විට මහත් ආදර්ශයක් සහ ආශ්වාදයක් වී තිබෙනවා.

0%
0%
0%
0%
Comments