ජුනි මස 02 වන දින පිටකෝට්ටේ සෝලිස් හෝටල් පරිශ්‍රයේදී පැවැත්වූ මෙම උළෙල සඳහා ක්ෂේත්‍රයේ ප්‍රවීණ මෙන්ම නවක තරු රැසක් සහභාගී වීම විශේෂත්වයක්.
මෙහි ප්‍රධාන චරිතය සඳහා ජනප්‍රිය රංගන ශිල්පී හේමාල් රණසිංහ එක්වන අතර, ඔහු සමඟින් දක්ෂ රංගන ශිල්පිනියන් වන තරින්දි ප්‍රනාන්දු සහ ඩිනාරා පුංචිහේවා ප්‍රධාන භූමිකාවන් නිරූපණය කිරීමට නියමිතයි. තවද සේමිණි ඉද්දමල්ගොඩ, ශ්‍යාම් ප්‍රනාන්දු, චන්දන වික්‍රමසිංහ, සංගීතා තදානි සහ මල්කාන්ති ජයසිංහ වැනි ප්‍රවීණයන්ගේ රංගන දායකත්වය ද හිමිව තිබෙනවා.
"koල්leක්" හි තිර පිටපත දිදුල ඉඳුවර විසින් රචනා කර තිබෙනවා. මීට අමතරව උමාලි තිලකරත්න සහ සනත් ගුණතිලක ඇතුළු තවත් දක්ෂ නළු නිළියන් රැසක් මෙහි චරිත නිරූපණයට එක්වීම නියමිතයි.

