ලොව පුරා විසිරී සිටින කදීම පෞරුෂයකින් හෙබි තරුණයන් රැසක් එකම වේදිකාවක තරග වදින මෙම මහා තරඟයේදී, ශ්‍රී ලංකාවේ අනන්‍යතාවය ලෝකය හමුවේ තැබීමට සංජුල සූදානමින් සිටින්නේ සැබවින්ම ආකර්ෂණීය අයුරින්.
මෙම තරගාවලියේ වඩාත්ම අවධානය දිනාගන්නා සහ තීරණාත්මක වටයක් වන "ජාතික ඇඳුම්" (National Costume) තරග වටය සඳහා සංජුල කේෂාන් තෝරාගෙන තිබෙන්නේ ශ්‍රී ලාංකීය ජනප්‍රවාදයේ එන "කළු කුමාරයා" තේමාව කරගත් අපූරු නිර්මාණයක්. අපේ සංස්කෘතික අනන්‍යතාවය, නවීන විලාසිතා ලෝකයේ ප්‍රවණතාවලට ගැළපෙන පරිදි සුසංයෝගය කරමින් නිමවා තිබෙනවා.