ත්‍රිවිධ හමුදාවේ සහ ශ්‍රී ලංකා පොලිසියේ බැති ගී කණ්ඩායම්ද, කොළඹ පාසල් කිහිපයක බැති ගී කණ්ඩායම්වල සහභාගීත්වයෙන් මෙම භක්ති ගීත වැඩසටහන පැවැත්වෙන අතර ජූනි 02 දක්වා සෑම දිනකම ප.ව 6.30 භක්ති ගීත ප්‍රසංගය පැවැත්වෙනවා.
ජනාධිපති ලේකම් කාර්යාලය සහ ශ්‍රී ලංකා යුද හමුදාව එක්ව සංවිධානය කරන දැවැන්ත බත් දන්සල මැයි 30 වැනිදා රාත්‍රී 7.00ට ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාගේ සහභාගීත්වයෙන් ආරම්භ වුණා. මුල් දිනයේදීම දිවයිනේ නන් දෙසින් පැමිණි දස දහසකට අධික ජනකායක් මේ සඳහා එක්ව සිටි අතර, මෙම බත් දන්සලත් ජූනි 02 වැනිදා දක්වාම පැවැත්වෙනවා.
හුණුපිටිය ගංගාරාම “බුද්ධ රශ්මි” වෙසක් කලාපය සහ “බෞද්ධාලෝක” වෙසක් කලාපයට සමගාමීව ජනාධිපති කාර්යාලයේ අනුග්‍රහය ඇතිව වෙසක් වැඩසටහන් රැසක් ඒ අවට සංවිධානය කර තිබූ අතර ලේකම් කාර්යාලය සහ අවට ගොඩනැඟිලි මෙන්ම මාර්ග විදුලි බුබුලුවලින් ආලෝකවත් කිරීම, වෙසක් පහන් කූඩු ප්‍රදර්ශනය ඇතුළු වැඩසටහන් රැසක් ජනාධිපති කාර්ය මණ්ඩලයේ සහභාගීත්වයෙන් ආරම්භ වුණා.