ads
Entertainment

‘MGI All Stars' රූ රැජිණ තරගාවලියේ ප්‍රථම කිරුළ කොලොම්බියාවට

zira-fb
zira-twitter
zira-whatsapp
zira-viber
zira-fb
zira-twitter
zira-whatsapp
zira-telegram
zira-viber
ලෝක රූ රැජිණ ක්ෂේත්‍රයේ නවතම පෙරළියක් කරමින් ප්‍රථම වරට පැවැත්වුණු Miss Grand International (MGI) All Stars රූ රැජිණ තරඟාවලියේ ඓතිහාසික ප්‍රථම කිරුළ දිනා ගැනීමට කොලොම්බියානු සුරූපිනියක වන Vanessa Pulgarin සමත්ව තිබෙනවා.

තායිලන්තයේ බැංකොක් නුවරදී මැයි 30 වැනිදා රාත්‍රියේ ආරම්භ වී මැයි 31 වැනිදා අලුයම දක්වා අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්වුණු මෙම මහා අවසාන තරඟයේදී ඇය මෙම විශිෂ්ට ජයග්‍රහණය අත්කර ගත්තා. මෙහිදී අනුශූරතාවන් පිළිවෙලින් ඝානාවේ ෆේත් මරියා පෝටර් සහ වියට්නාමයේ න්ගුයෙන් හුඔන්ග් ජියැන්ග් විසින් දිනාගනු ලැබුවා.

රූ රැජිණ වේදිකාවේ අතිශය අත්දැකීම් බහුල 34 හැවිරිදි වියේ පසුවන Vanessa, වෘත්තියෙන් දක්ෂ මෝස්තර නිරූපිකාවක ද වනවා. ඇය මීට පෙර තායිලන්තයේදීම පැවැත්වුණු 2025 Miss Universe තරඟාවලියේදී කොලොම්බියාව නියෝජනය කරමින් අවසන් 12 දෙනා අතරට තේරී පත්වීමට තරම් දක්ෂතා දැක්වූවා. එපමණක් නොව, 2017 වසරේදී Miss International Colombia කිරුළ දිනාගත් ඇය ජපානයේ පැවැත්වුණු ජාත්‍යන්තර තරඟයේදී ද තම මව්බිම වෙනුවෙන් පෙනී සිටි කැපී පෙනෙන චරිතයක්.

තරඟාවලියේ තීරණාත්මක ප්‍රශ්නෝත්තර වටයේදී Vanessa ප්‍රකාශ කළේ තමන් අද මෙවැනි දැවැන්ත ජාත්‍යන්තර වේදිකාවක බැබළෙන්නේ ඇය සතු දැඩි කැපවීම, නොපසුබට උත්සාහය සහ දැඩි ආත්ම විශ්වාසය නිසාම බවයි. 

ලොව පුරා රටවල් 38ක් නියෝජනය කරමින් ක්ෂේත්‍රයේ ප්‍රවීණතම සහ ජනප්‍රියතම රූ රැජිණන් 56 දෙනෙකු එකම වේදිකාවක හමුවූ මෙම සුවිශේෂී තරඟාවලිය, රූපය මෙන්ම බුද්ධියත් උරගා බැලුණු සැබෑ සටනක් වුණා. මෙම තරඟාවලියේ ඊළඟ අදියරේදී ද තම කිරුළ ආරක්ෂා කරගැනීම වෙනුවෙන් Vanessa නැවතත් තරඟ බිමට පිවිසීමට සූදානමින් සිටිනවා.

your image

your image

your image

your image

your image

0%
0%
0%
0%
Comments