ads
Feature

අද රාත්‍රී අහසේ මනරම් දර්ශනයක්!

zira-fb
zira-twitter
zira-whatsapp
zira-viber
zira-fb
zira-twitter
zira-whatsapp
zira-telegram
zira-viber
රාත්‍රී අහස දෙස බලා සිටින්නට අප කවුරුත් දක්වන්නේ දැඩි ඇල්මක්. විශේෂයෙන්ම සඳ පායන රැයකට සොබාදහම අපට තිළිණ කරන්නේ අපූරු සුන්දරත්වයක්. ඉතින්, අද රාත්‍රියත් ඔබට එවැනිම සුවිශේෂී, මනස්කාන්ත අත්දැකීමක් විඳගන්නට ලැබෙන සුන්දර රාත්‍රියක් වනු නිසැකයි. ඒ, වසර කිහිපයකට පසුව අපේ අහස් කුස හැඩකරන්නට සුවිශේෂී "නිල් සඳක්" (Blue Moon) අද රාත්‍රියේ පායා ඒමට නියමිතව තිබීමයි.

නම "නිල් සඳ" වුණාට ඇත්තටම අද රෑට හඳ නිල් පාටින්ම පෙනෙයිද? නැහැ, මේකෙ පිටුපස තියෙන්නේ ඊට වඩා වෙනස්ම රසවත් කතාවක්. මෙම දුර්ලභ සංසිද්ධිය පිළිබඳව අදහස් දක්වන ප්‍රකට අභ්‍යාවකාශ විද්‍යාඥ ගිහාන් වීරසේකර මහතා පවසන්නේ, මෙම සුවිශේෂී චන්ද්‍රයා සාමාන්‍යයෙන් දකින්න ලැබෙන්නේ වසර 19 කට වරක් හෝ සෑම වසර දෙකකට හෝ තුනකට පසුව වැනි දිගු කාල පරාසයකින් පසුව බවයි. එබැවින් මෙය නිතර දැකගත නොහැකි, ඉතාමත් අහඹු සහ සුන්දර අවස්ථාවක් ලෙස හැඳින්විය හැකියි.

තාරකා විද්‍යාත්මකව මේ "නිල් සඳ" කියන සංකල්පය නිර්මාණය වෙන්නේ කොහොමද කියලා සරලවම පැහැදිලි කළොත්, සාමාන්‍යයෙන් එකම දින දර්ශන මාසයක් ඇතුළත පුර පසළොස්වක පොහෝ දින දෙකක් යෙදුණොත්, එයින් උදාවන දෙවැනි පෝය දවසේ පායන චන්ද්‍රයාව හඳුන්වන්නේ "නිල් සඳක්" විදිහටයි. ඒ නිසා මෙහිදී සඳෙහි වර්ණය නිල් පැහැයට හැරෙන්නේ නැති වුණත්, සුපුරුදු රන්වන් පැහැයෙන්ම දිදුලන මේ පුරහඳ සැබවින්ම අපූර්ව දසුනක් වනු ඇතී.

0%
0%
0%
0%
Comments