ads
Feature

ෆෙරාරි සමාගමේ ප්‍රථම විදුලි මෝටර් රථය කරළියට

zira-fb
zira-twitter
zira-whatsapp
zira-viber
zira-fb
zira-twitter
zira-whatsapp
zira-telegram
zira-viber
ෆෙරාරි සමාගම සිය ප්‍රථම පූර්ණ විදුලි මෝටර් රථය වන "ලූචේ" (Luce) නිල වශයෙන් එළිදක්වමින් මෝටර් රථ ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂ්‍යයක් සලකුණු කර තිබෙනවා.

සුඛෝපභෝගී ක්‍රීඩා මෝටර් රථ නිෂ්පාදනය පිළිබඳ ලොව පුරා ඉහළ නාමයක් දිනා සිටින මෙම සමාගම, නවතම පරිසර හිතකාමී තාක්ෂණය සමඟින් නිපදවූ මෙම විශිෂ්ට රථය ඇමරිකානු ඩොලර් 640,000ක් (ඩොලර් ලක්ෂ හයකට වඩා වැඩි) වැනි ඉහළ මිලකට වෙළෙඳපොළට හඳුන්වා දී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඉතාලි භාෂාවෙන් "ආලෝකය" යන අර්ථය ඇති "ලූචේ" මෝටර් රථය සැලසුම් කර නිපදවීම සඳහා ෆෙරාරි සමාගමට දශකයකින් අඩක, එනම් වසර පහක වැනි දිගු කාලයක් ගත වී තිබෙනවා. මෙම රථය සතු අධිවේගී ධාවන ක්ෂමතාවය සැබවින්ම විශ්මයජනක වන අතර, ධාවනය ආරම්භ කර තත්පර 2.5ක් වැනි ඉතා කෙටි කාලයකදී පැයට සැතපුම් 60ක (පැයට කිලෝමීටර් 96ක) අතිවේගී වේගයක් ළඟා කර ගැනීමේ සුවිශේෂී හැකියාව මේ සතු වෙනවා.

මේ අතර ලෝක ප්‍රකට ෆෝමියුලා 1  මෝටර් රථ ධාවන ශූරයන් වන ලුවිස් හැමිල්ටන් සහ චාල්ස් ලෙක්ලර්ක් විසින් මෙම නවතම 'ෆෙරාරි ලූචේ' (Ferrari Luce) මෝටර් රථය ඉතා විමසිල්ලෙන් පරික්ෂා කරන අයුරු ඇතුළත් සුවිශේෂී වීඩියෝවක් ෆෙරාරි සමාගම සිය නිල Facebook ගිණුම හරහා ප්‍රසිද්ධියට පත් කර තිබෙනවා. 

මෙම නවතම හඳුන්වාදීමත් සමඟින් විද්‍යුත් මෝටර් රථ ක්ෂේත්‍රය තුළ දැවැන්ත පෙරළියක් කිරීමට ෆෙරාරි සමාගම සමත්ව ඇති බව කාගේත් අවධානයට ලක්ව ඇති කරුණකි.

0%
0%
0%
0%
Comments