ads
Entertainment

ලොව ප්‍රථම සිම්ෆොනික සහ 4D නවකතාව “මායා” එළිදැක්වූ අපූරු මොහොත

zira-fb
zira-twitter
zira-whatsapp
zira-viber
zira-fb
zira-twitter
zira-whatsapp
zira-telegram
zira-viber
ප්‍රවීණ සංගීතවේදී නදීක ගුරුගේ මහතාගේ නවතම සහ අපූර්වතම කලාත්මක ප්‍රයත්නය වන, ලොව ප්‍රථම සිම්ෆොනික සහ සිව්මාන (4D) නවකතාව ලෙස හැඳින්වෙන “මායා” ග්‍රන්ථය පසුගියදා ඉතා උත්කර්ෂවත් අන්දමින් දොරට වැඩියා. සාහිත්‍ය ප්‍රේමීන්ට මෙන්ම සංගීත ලෝලීන්ටත් ජීවිතයට එකතු කරගත හැකි සුවිශේෂී සහ අලුත්ම අත්දැකීමක් වුණු මේ මංගල්‍යය පැවැත්වුණේ පසුගිය මැයි 21 වැනිදා කොළඹ, ශ්‍රී ලංකා පදනම් ආයතනයේදීයි.

සාහිත්‍ය සහ සංගීතය එකිනෙක මුසුවෙමින්, මිනිස් මනස නවතම මානයකට රැගෙන ගිය ඒ සුන්දර සන්ධ්‍යාව සැබවින්ම ජීවිතයට අපූර්ව අත්දැකීමක් වූ බව අමාත්‍ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා සඳහන් කර තිබෙනවා.

නිර්මාණශීලීත්වයේ සීමාවන් පුළුල් කළ මේ සුවිශේෂී සාහිත්‍යමය සන්ධ්‍යාව හැඩ කරන්නට කලාකරුවන්, විද්වතුන් මෙන්ම සංගීතයට සහ පොතපතට ආදරය කරන විශාල පිරිසක් එකමුතු වී සිටියා.

0%
0%
0%
0%
Comments