ads
Travel

ශ්‍රී ලංකාවේ නොමිලේ සංචාරක වීසා ලැබෙන රටවල් මෙන්න

zira-fb
zira-twitter
zira-whatsapp
zira-viber
zira-fb
zira-twitter
zira-whatsapp
zira-telegram
zira-viber
ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයට නව පණක් ලබා දෙමින්, අද (මැයි 25) දින සිට ක්‍රියාත්මක වන පරිදි ලෝකයේ ප්‍රමුඛ පෙළේ රටවල් 40 ක පුරවැසියන් සඳහා දින 30 ක කාලසීමාවකට නොමිලේ සංචාරක වීසා ලබා දීමට රජය තීරණය කර තිබෙනවා.

ආගමන විගමන දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද විශේෂ චක්‍රලේඛයකට අනුව, මෙම වසරේ මාර්තු 30 වන දින කැබිනට් මණ්ඩලයේ අනුමැතිය සහ ඉන් අනතුරුව පාර්ලිමේන්තුවේ අනුමැතිය හිමිවීමෙන් පසුව මෙම සුවිශේෂී තීරණය මෙලෙස නිල වශයෙන් ක්‍රියාත්මක කෙරෙනවා.

මෙම නොමිලේ වීසා සහනය හිමිවන රටවල් 40 අතරට ලොව පුරා විසිරී පවතින ප්‍රධාන සංචාරක වෙළඳපොළවල් රැසක් ඇතුළත් වනවා. ඒ අනුව ඔස්ට්‍රේලියාව, ප්‍රංශය, ඔස්ට්‍රියාව, මැලේසියාව, සෞදි අරාබිය, ජර්මනිය, නේපාලය, දකුණු කොරියාව, බහරේන්, ඉන්දියාව, නෙදර්ලන්තය, ස්පාඥ්ඥය, බෙලාරුස්, ඉන්දුනීසියාව, නවසීලන්තය, ස්වීඩනය, බෙල්ජියම, කැනඩාව, චීනය, චෙක් ජනරජය, ඩෙන්මාර්කය, ෆින්ලන්තය, ඉරානය, ඊශ්‍රායලය, ඉතාලිය, ජපානය, කසකස්තානය, කුවේට්, නෝර්වේ, ඕමානය, පකිස්තානය, පෝලන්තය, කටාර්, රුසියාව, ස්විට්සර්ලන්තය, තායිලන්තය, තුර්කිය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, එක්සත් රාජධානිය සහ අමෙරිකා එක්සත් ජනපදය යන රටවල ජාතිකයින්ට මෙම නව සංචාරක පහසුකම භුක්ති විඳීමේ අවස්ථාව උදාවනවා.

ආගමන විගමන දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ රාජ්‍ය තාන්ත්‍රික, නිල, සේවා හෝ සාමාන්‍ය ගමන් බලපත්‍ර හිමි ඉහත සඳහන් කළ ඕනෑම රටක පුරවැසියෙකුට මෙම යෝජනා ක්‍රමය යටතේ නොමිලේ සංචාරක වීසා ලබා ගැනීමට පූර්ණ සුදුසුකම් පවතින බවයි.

කෙසේ වෙතත්, මෙම රටවල් 40 හි ජාතිකයින් මෙන්ම ශ්‍රී ලංකාව සමග ද්විපාර්ශ්වික අන්‍යෝන්‍ය ගිවිසුම් පවත්වාගෙන යනු ලබන මාලදිවයින, සීශෙල්ස් සහ සිංගප්පූරුව ඇතුළු සියලුම විදේශීය ජාතිකයින් ශ්‍රී ලංකාවට පැමිණිමට පෙර අනිවාර්යයෙන්ම විද්‍යුත් සංචාරක අවසරයක් (ETA - Electronic Travel Authorization) ලබා ගත යුතු වනවා. 

ශ්‍රී ලංකාව සහ මාලදිවයින අතර පවතින ද්විපාර්ශ්වික අන්‍යෝන්‍ය ගිවිසුමට අනුකූලව මාලදිවයින් ජාතිකයින්ට මෙම පෙර විද්‍යුත් සංචාරක අවසරය හරහා දින 90 ක සංචාරක වීසා බලපත්‍රයක් හිමිවන අතර, ඉහත සඳහන් කළ රටවල් 40 හි ජාතිකයින්ට සහ මාලදිවයින, සීෂෙල්ස් මෙන්ම සිංගප්පූරු ජාතිකයින් සඳහාද මෙම ඉලෙක්ට්‍රොනික සංචාරක අවසර පත්‍රය (ETA) සම්පූර්ණයෙන්ම නොමිලේ සකස් කර දීමට පියවර ගෙන තිබෙනවා.

මෙම නවතම ලිහිල් කිරීම් යටතේ මෙරටට පැමිණෙන සංචාරකයින්ට දින 90 ක් දක්වා වලංගු වන පරිදි නොමිලේ සංචාරක වීසා ලබා ගත හැකි අතර, (මාලදිවයින් වැසියන්ට පමණක් දින 90 ක රැඳී සිටීමේ කාලයක් හිමිවේ), අනෙකුත් රටවල සංචාරකයින්ට දින 30 ක වලංගු කාලය තුළ ශ්‍රී ලංකාවට ප්‍රථම වරට පැමිණි දින සිට ද්විත්ව ප්‍රවේශ (Double Entry) පහසුකමද හිමිවනවා. 

යම් හෙයකින් මෙම නොමිලේ ලැබෙන වීසා බලපත්‍රය යටතේ දින 30 කට වඩා වැඩි කාලයක් ශ්‍රී ලංකාවේ රැඳී සිටීමට අපේක්ෂා කරන විදේශීය අයදුම්කරුවන් සිටී නම්, ඔවුනට අදාළ වීසා ගාස්තුව ගෙවීමෙන් පසුව තම වීසා බලපත්‍රය දීර්ඝ කර ගැනීම සඳහා ඉල්ලුම් කිරීමේ හැකියාව පවතින බවද ආගමන විගමන දෙපාර්තමේන්තුව සඳහන් කරනවා. 

අවසාන වශයෙන්, මෙම නොමිලේ ETA අයදුම් කිරීමට සුදුසුකම් ලබා ඇති රටවල් හැර, ලෝකයේ අනෙකුත් සියලුම රටවල ජාතිකයින් ශ්‍රී ලංකා ETA පද්ධතිය පාලනය කරනු ලබන සාමාන්‍ය නීති සහ රෙගුලාසිවලට ඒ අයුරින්ම යටත් වන බවද රජය අවධාරණය කර සිටිනවා.

0%
0%
0%
0%
Comments