ads
Lifestyle

සංගීතය සහ මිනිස් මනස අතර ඇති ගැඹුරු සබදතාවය

zira-fb
zira-twitter
zira-whatsapp
zira-viber
zira-fb
zira-twitter
zira-whatsapp
zira-telegram
zira-viber
අද කාලේ සින්දුවක් අහද්දී ඒක හැදුවේ ඇත්තම මනුස්සයෙක්ද නැත්නම් කෘතිම බුද්ධිය මඟින්ද කියලා හොයාගන්න එක ලේසි නෑ. අපේ හිතට එන පොඩි පද පේළියක් හෝ තනුවක් ඇප් එකකට ඇතුළත් කරලා, සෙටින්ග්ස් ටිකක් වෙනස් කරපු සැනින් අතිශය සාර්ථක ගීතයක් නිර්මාණය කරලා දෙන්න අද තාක්ෂණයට පුළුවන්.

මේ දියුණුවත් එක්ක තාක්ෂණය සහ සංගීතය අතර තියෙන සන්නිවේදනය වෙන කවරදාකටත් වඩා ප්‍රබල වෙලා තියෙනවා. අපේ මොළයේ විවිධ පද්ධතීන් උත්තේජනය කරන්න සංගීතයට පුළුවන් වගේම, එය අපේ මතකය, හැඟීම් සහ ඥානවේදී හැකියාවන් පෝෂණය කරනවා. 

අද වන විට සංගීත චිකිත්සාව මඟින් මිනිසුන්ගේ අවධානය, කථනය, චලනයන් වර්ධනය කිරීමටත්, මානසික පීඩනය සහ වේදනාවන් සමනය කිරීමටත් වෛද්‍යවරුන් කටයුතු කරන්නේ මේ නිසයි. විශේෂයෙන්ම අපේ තරුණ වියේදී (නව යොවුන් වියේදී) අප ඇසූ සින්දු, අපේ පෞරුෂය සහ අනන්‍යතාවය හැඩගස්වන්න විශාල බලපෑමක් කරලා තියෙනවා.

ඇත්තටම තාක්ෂණය නැත්නම් සංගීතය සහ මනස අතර මේ තරම් ගැඹුරු සබඳතාවයක් ගොඩනැඟෙන්නේ නැහැ. අතීතයේදී සංගීතය රසවිඳින්න ලැබුණේ සජීවීව පමණයි. එදා තිබුණු ඉහළම තාක්ෂණය වුණේ සජීවී වාදනයක් හොඳින් ඇසෙන සේ නිර්මාණය කරපු ශාලා, රංගපීඨ හෝ දේවස්ථාන විතරයි. 

නමුත් මීට වසර සියයකට පමණ පෙර නිවෙස්වලට විදුලි බලය ලැබීමත් සමඟ ලොකු පෙරළියක් වුණා. ග්‍රැමෆෝන්, කැසට් පට, සීඩී තැටි හරහා නිවෙසේ සිටම සංගීතය රසවිඳින්න මිනිසාට අවස්ථාව ලැබුණා. පසුව ගුවන්විදුලිය පැමිණීමත් සමඟ සංගීතය අප යන යන තැන රැගෙන යා හැකි, අපේ දෛනික ජීවිතයේ පසුබිම් හඬ බවට පත්වුණා.

අද වන විට ඩිජිටල් ස්ට්‍රීමිං වේදිකා නිසා ලෝකයේ ඕනෑම වර්ගයක සංගීතයක් අපට ලැබිලා තියෙනවා. මෑතකදී කරන ලද සමීක්ෂණවලට අනුව ස්ට්‍රීමිං සේවාවල ගීත මිලියන 200කට වඩා තිබෙන අතර, එය වසරකට 10%ක වේගයකින් වර්ධනය වෙනවා. 

මේ ප්‍රමාණය මිනිසෙකුට තම ජීවිත කාලය තුළ අසා නිම කළ නොහැකි තරම් අතිවිශාල එකක්. මනෝවිද්‍යාත්මකව බැලුවොත්, වැඩිහිටියන් ප්‍රධාන හේතු තුනක් නිසා සින්දු අහනවා; ඒ තමන්ගේ පාලුව හෝ මනෝභාවයන් සමනය කරගන්න, තමන් කවුද කියා හඳුනාගන්න (ස්වයං අවබෝධය) සහ සමාජයීය වශයෙන් අනෙක් අය සමඟ සම්බන්ධ වෙන්නයි. 

0%
0%
0%
0%
Comments