ads
Travel
Photo

රිදියගම අලුත් වුණු සමනල උද්‍යානය

zira-fb
zira-twitter
zira-whatsapp
zira-viber
zira-fb
zira-twitter
zira-whatsapp
zira-telegram
zira-viber
රිදියගම සෆාරි උද්‍යානය කියන්නේ ලංකාවේ අපිට වෙනස්ම විදියේ අත්දැකීමක් දෙන අපූරු තැනක්නේ. හැබැයි පසුගිය කාලේ නිසි නඩත්තුවක් නැතිව පාලුවට ගිහින් තිබුණු, හැමෝටම මඟහැරුණු එක තැනක් මේ උද්‍යානය ඇතුළේ තිබුණා. ඒ තමයි රිදියගම සමනල උද්‍යානය.

ඉතින් පරිසර ලෝලීන්ට වගේම නිවාඩුවට පොඩි සංචාරයක් යන්න ප්ලෑන් කරන ඔයාලට ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවෙන් ඉතාමත් සතුටුදායක ආරංචියක් අරන් ඇවිත් තිබෙනවා. ඒ තමයි මේ පාලුවට ගිහින් තිබුණු සමනල උද්‍යානය සම්පූර්ණයෙන්ම නවීකරණය කරලා ලබන ජුනි 3 වැනිදා ඉඳන් ආයෙමත් මහජනතාව වෙනුවෙන් විවෘත කරන්න කටයුතු සූදානම් කරලා තියෙන එක.

ලෝක පරිසර දිනය නිමිත්තෙන් තමයි මේ ලස්සන උද්‍යානය අලුත් මුහුණුවරකින් නැවත ආරම්භ කරන්නේ. මෙවර සමනල උද්‍යානය හැඩගන්වලා තියෙන්නේ වෙනදාට වඩා ගොඩක් ආකර්ෂණීය විදියටයි. සමනලුන්ට විශේෂිත පැළෑටි වර්ග රෝපණය කිරීමෙන් එය අලංකාරවත් ලෙස නැරඹීමට අවස්ථාව උදාකර ඇති බවයි වාර්තා වන්නේ.

ශ්‍රී ලංකාව කියන්නේ සමනල විශේෂ රැසකට සෙවණ දෙන රටක්. මේ වෙනකොට අපේ රටෙන් සමනලුන් වර්ග 248ක් වාර්තා වෙලා තියෙනවා. විශේෂම දේ තමයි, ඒ අතරින් වර්ග 31ක්ම ලෝකේ වෙන කොහේවත් නැති, අපේ ශ්‍රී ලංකාවටම විතරක් ආවේණික වුණු සමනලුන් වීමයි. 

ඉතින් එළැඹෙන ජුනි මාසයේ දකුණු පළාතේ සංචාරය කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා නම්, අලුත් වුණු රිදියගම සමනල උද්‍යානය ඔයාලගේ travel list එකට එකතු කරගන්න අමතක කරන්න එපා.

0%
0%
0%
0%
Comments