ads
Entertainment

ලාංකේය නාමය රන් අකුරින් ලියූ වෛද්‍ය දෙවීනා නවීක්ෂි දිවයිනට

zira-fb
zira-twitter
zira-whatsapp
zira-viber
zira-fb
zira-twitter
zira-whatsapp
zira-telegram
zira-viber
තුර්කියේ පැවැති 2026 මිස් අවුරා ඉන්ටර්නැෂනල් ජාත්‍යන්තර රූපලාවන්‍ය තරගාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූ වෛද්‍ය දෙවීනා නවීක්ෂි මෙනෙවිය විශිෂ්ඨ ජයග්‍රහණ රැසක් හිමිකර ගනිමින් යළිත් මව්බිමට පැමිණ තිබෙනවා.

ලොව පුරා රටවල් 40 කින් පැමිණි සුරූපී තරගකාරියන් රැසක් සමඟ කරට කර තරග වැදුණු ඇය, මෙම තරගාවලියේ අවසන් විසිදෙනාගේ වටයට (Top 20) සුදුසුකම් ලැබීමට සමත් වීම ශ්‍රී ලංකාවට මහත් ගෞරවයක් ගෙන දුන් අවස්ථාවක් ලෙස සලකන්න පුළුවන්.

මෙම තරගාවලියේදී දෙවීනා ලැබූ සුවිශේෂී ජයග්‍රහණය වන්නේ තරගාවලියේ හොඳම ජාතික ඇඳුමට (Best National Costume) හිමි කිරුළ දිනා ගැනීමට සමත් වීමයි. වෛද්‍ය දෙවීනා මේ සඳහා තෝරාගෙන තිබුණේ, "ගුරුළා" සංකල්පය ඇසුරින් නිර්මාණය කළ අභිමානවත්, ආකර්ෂණීය නිර්මාණයකි. ඇය වෙනුවෙන් එය නිර්මාණය කර තිබුණේ, මෙරට ප්‍රකට නිර්මාණ ශිල්පියෙක් වන Wedage Namal විසින්.

වෘත්තියෙන් වෛද්‍යවරියක වන දෙවීනා නවීක්ෂි දැනට කරාපිටිය ශික්ෂණ රෝහලේ සේවය කරමින් සිටිනවා. කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළින් ඇය යළි දිවයිනට පැමිණි අවස්ථාවේදී ඇයව පිළිගැනීමට බොහෝ පිරිසක් එක්ව සිටි බවත් සඳහන් කළ යුතුමයි. ඇය ලැබූ මෙම ජයග්‍රහණය ශ්‍රී ලාංකීය තරුණියන්ට මෙන්ම වෘත්තිකයන්ටත් විශාල ආදර්ශයක් සහ ශක්තියක් ලබා දෙනවා.

0%
0%
0%
0%
Comments