ads
Travel

එවරස්ට් ඉතිහාසයේ රන් අකුරින් ලියැවුණු කඳු තරණය

zira-fb
zira-twitter
zira-whatsapp
zira-viber
zira-fb
zira-twitter
zira-whatsapp
zira-telegram
zira-viber
ලෝකයේ තියෙන අභියෝගාත්මකම වගේම සිත්ඇදගන්නාසුලුම හීනයක් තමයි එවරස්ට් කන්ද තරණය කරනවා කියන එක. පසුගිය බදාදා දවස එවරස්ට් කඳු මුදුනට අලුත්ම වාර්තාවක් එකතු කරපු සුවිශේෂී දවසක් වුණා.

නේපාල සංචාරක ක්ෂේත්‍රයේ නිලධාරීන් පවසන විදිහට, එකම දවසක් ඇතුළත නේපාල සීමාවෙන් එවරස්ට් කඳු මුදුනට (මීටර් 8,849) ළඟා වූ වැඩිම කඳු නගින්නන් සංඛ්‍යාව ලෙස පුද්ගලයන් 274 දෙනෙකු මෙවර වාර්තා පොත් අතරට එක්ව තිබෙනවා. මීට පෙර මෙම වාර්තාව සටහන් වී තිබුණේ 2019 මැයි 22 වැනිදා කඳු නගින්නන් 223 දෙනෙකු මුදුනට ළඟා වීමත් සමඟයි.

නේපාලය සහ චීනයේ ටිබෙට් කලාපය මායිම් කරගනිමින් පිහිටා ඇති එවරස්ට් කන්ද දෙපැත්තෙන්ම තරණය කරන්න පුළුවන් වුණත්, මේ වසරේ චීන බලධාරීන් විසින් කිසිදු අවසර පත්‍රයක් නිකුත් කර නොතිබීම නිසා සියලුම කඳු නගින්නන් නේපාල සීමාවෙන් පමණක් ගමන ආරම්භ කර තිබීම විශේෂත්වයක්. 

සාමාන්‍යයෙන් අප්‍රේල් සහ මැයි මාසවල පවතින සුදුසු කාලගුණයත් එක්ක ටිබෙට් සීමාවෙන් 100ක පමණ පිරිසක් කන්ද තරණය කරන්න එකතු වෙනවා. ගිනස් ලෝක වාර්තා පොතට අනුව දෙපැත්තෙන්ම එකම දවසක වැඩිම පිරිසක් එවරස්ට් මුදුනට ගිය වාර්තාව පිහිටුවා තිබෙන්නේ 2019 මැයි 23 වැනිදායි. එදා කඳු නගින්නන් 354 දෙනෙකු ලෝකයේ උසම ස්ථානයට පා තබා තිබුණා.

කෙසේ නමුත්, මේ විදිහට එකවර විශාල පිරිසක් කඳු මුදුන බලා යාම පිටුපස යම් අවදානමක්ද පවතින බව Mountaineering ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් පෙන්වා දෙනවා. මිනිස් ජීවිතයකට අවශ්‍ය ඔක්සිජන් මට්ටම ඉතාම අඩු, "Death Zone" (මරණයේ කලාපය) ලෙස හැඳින්වෙන කඳු මුදුනට මඳක් පහළින් ඇති ප්‍රදේශයේ මෙවැනි අධික සෙනඟක් ගැවසීම නිසා අනතුරුදායක තදබදයන් ඇතිවිය හැකියි. මේ නිසාම නේපාල රජය විසින් දැන් මේ සඳහා දැඩි නීතිරීති සහ ඉහළ ගාස්තු (එක් අවසර පත්‍රයක් සඳහා ඩොලර් 15,000ක්) අය කිරීමට පියවර ගෙන තිබෙනවා.

සමහරු මේ තදබදය ගැන විවේචනය කළත්, ප්‍රවීණ ගවේෂකයන් පවසන්නේ නිසි කළමනාකරණයක් සහ ප්‍රමාණවත් ඔක්සිජන් තොග පවතින්නේ නම් මෙවැනි පිරිසක් එකවර ගමන් කිරීම ගැටලුවක් නොවන බවයි. 

ඇල්ප්ස් කඳුවැටියේ Zugspitze වැනි කඳු මුදුන්වලට දිනකට 4,000ක් පමණ පිරිසක් ළඟා වන අතර, ඊට වඩා දස ගුණයකින් විශාල එවරස්ට් කන්දට 274ක් යනු නිසි සූදානමකින් හැසිරවිය හැකි පිරිසක් බව ඔවුන්ගේ අදහසයි. කොහොම වුණත්, සොබාදහමේ සීමාවන් අභියෝගයට ලක් කරමින් මිනිසා තබන මෙවැනි වාර්තා සැබවින්ම විස්මිතයි.

0%
0%
0%
0%
Comments