
ආසියානු කලාපයේ දැවැන්ත සිනමා නිර්මාණ රැසක් සමඟ කරට කර තරඟ වදිමින්, මැකාවෝ 2026 ආසියානු කලා සිනමා උළෙලේ 'හොඳම කැමරාකරණය' වෙනුවෙන් පිදෙන කීර්තිමත් 'ගෝල්ඩන් පෙට්‍රල්' සම්මානය දිනා ගැනීමට මෙම චිත්‍රපටය සමත් වීම සැබවින්ම මෙරට සිනමා ක්ෂේත්‍රය ලැබූ විශාල ජයග්‍රහණයක්.
මෙම විශිෂ්ට ජයග්‍රහණයට හිමිකම් කියනු ලැබුවේ 'රිවර්ස්ටන්' සිනමාපටයේ කැමරා අධ්‍යක්ෂණයෙන් දායක වූ ප්‍රවීණ කැමරාකරණ ශිල්පී ප්‍රභාත් රෝෂන් මහතා විසින්. මැකාවෝ හි පැවැති උත්කර්ෂවත් සම්මාන උළෙල සඳහා සජීවීව සහභාගී වූ ඔහු, ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මෙම අභිමානවත් ජාත්‍යන්තර සම්මානය නිල වශයෙන් භාරගනු ලැබුවා.

ප්‍රකට සිනමාකරු ලලිත් රත්නායක මහතාගේ අධ්‍යක්ෂණයක් වන 'රිවර්ස්ටන්' චිත්‍රපටය මෙරට සිනමා ප්‍රේක්ෂකයින්ගේ මෙන්ම විචාරකයින්ගේ ද ඉහළ අවධානයක් දිනාගත් නිර්මාණයක්.
දක්ෂ රංගන ශිල්පීන් වන මහේන්ද්‍ර පෙරේරා, ශ්‍යාම් ප්‍රනාන්දු, රන්දික ගුණතිලක සහ ප්‍රියන්ත සිරිකුමාර ඇතුළු ප්‍රමුඛ පෙළේ තාරකා රැසකගේ ප්‍රබල රංගන දායකත්වයෙන් හැඩවුණු මෙම චිත්‍රපටය, මෙවැනි ජාත්‍යන්තර සම්මානයකින් පිදුම් ලැබීම හරහා ශ්‍රී ලාංකීය සිනමාවේ ගුණාත්මකභාවය සහ නිර්මාණශීලීත්වය ලෝකයා හමුවේ නැවත වරක් සනාථ කර තිබෙනවා.