ads
Travel

පවුල්වලට ජීවත්වෙන්න ලොව සුදුසුම රටවල් අතරින් 4 වැනි තැන ශ්‍රී ලංකාවට

zira-fb
zira-twitter
zira-whatsapp
zira-viber
zira-fb
zira-twitter
zira-whatsapp
zira-telegram
zira-viber
ලොව පුරා සංක්‍රමණිකයන්ගේ සහ සංචාරකයන්ගේ සුවිශේෂී අවධානය දිනාගත් ජනප්‍රිය ගමනාන්ත 82ක් පසුපසට තල්ලු කරමින්, පවුල් සඳහා ජීවත්වීමට ලොව සුදුසුම රටවල් දර්ශකයේ විශිෂ්ට 4 වන ස්ථානය අත්කර ගැනීමට ශ්‍රී ලංකාව සමත්ව තිබෙනවා.

ප්‍රමුඛ පෙළේ ඩිජිටල් මූල්‍ය සේවා සපයන්නෙකු වන ‘රෙමිට්ලි’ (Remitly) ආයතනය විසින් අඛණ්ඩව දෙවන වසරටත් සිදුකරන ලද පුළුල් පර්යේෂණයකින් පසුවයි මේ සුවිශේෂී ගෝලීය වාර්තාව ප්‍රකාශයට පත් කර තිබෙන්නේ. 

නව රටක පදිංචියට යාමේදී පවුලක ආරක්ෂාව සහ ස්ථාවරත්වය වෙනුවෙන් සලකා බැලිය යුතු වැදගත් සාධක 34ක් පදනම් කරගෙන මෙම ශ්‍රේණිගත කිරීම් සිදුකර තිබෙනවා. සෞඛ්‍ය සේවාවේ ගුණාත්මකභාවය, සාධාරණ ජීවන වියදම, නව රැකියා අවස්ථා සහ සමස්තයක් ලෙස මුළු පවුලටම නිදහසේ ජීවත්වීමට ඇති යෝග්‍යතාව වැනි කරුණු රැසක් ඒ අතරට ඇතුළත් වෙනවා.

මෙම අගය කිරීමත් සමඟ ලෝක සිතියම තුළ ශ්‍රී ලංකාවට හිමිව තිබෙන්නේ ඉතාමත් සුවිශේෂී සහ ආඩම්බරකාරී ස්ථානයක්. 2026 වසරේ නිල වාර්තාවලට අනුව පවුල් හිතකාමී වාතාවරණයක් සහිත රටවල් ලැයිස්තුවේ පළමු, දෙවන සහ තෙවන ස්ථාන පිළිවෙළින් ස්පාඤ්ඤය, චීනය සහ ඇමරිකා එක්සත් ජනපදය විසින් දිනාගෙන තිබෙනවා. 

ඉන් අනතුරුව ලැයිස්තුවේ සිව්වැනි ස්ථානය ශ්‍රී ලංකාවට හිමිවීම හරහා පැහැදිලි වන්නේ අපේ රට සංචාරයට පමණක් නොව, ආදරණීය පවුලක් එක්ව ජීවත් කරවීමටත් කොතරම් සුරක්ෂිත සහ ආකර්ෂණීය පරිසරයකින් යුක්තද යන්නයි. විදේශිකයන් පවා මහත් ඉහළින් අගය කරන අපේ රටේ සුන්දරත්වය සහ සංස්කෘතිය දැන් පවුල් ජීවිතයකට අවශ්‍ය මූලික පහසුකම් එක්කත් මනාව බද්ධ වී තිබෙනවා.

විදේශීය වාර්තා පෙන්වා දෙන පරිදි ශ්‍රී ලංකාවට මෙතරම් ඉහළ ඇගයීමක් ලැබීමට ප්‍රධාන වශයෙන්ම බලපා තිබෙන්නේ අප රට සතු ගුණාත්මක අධ්‍යාපන ක්‍රමය සහ දරුවන් වෙනුවෙන් යන ළමාරක්ෂක වියදම් ඉතාමත් දැරිය හැකි මට්ටමක පැවතීමයි. 

පවුලක් විදිහට අලුත් තැනක ජීවිතය පටන් ගන්නා ඕනෑම කෙනෙකුට තමන්ගේ දරුවන්ගේ අනාගතය සහ ආර්ථිකය ගැන බයක් සැකක් නැතුව තීරණ ගන්න මේ පරිසරය ලොකු ශක්තියක් වෙනවා. මීට අමතරව තවත් සුවිශේෂී වාර්තාවක් තබමින් ලොව හොඳම පොදු ප්‍රවාහන පද්ධතියක් සහිත රටවල් ලැයිස්තුවේ 5 වැනි ස්ථානය දිනා ගැනීමටත් ශ්‍රී ලංකාව සමත්ව තිබෙනවා. 

නිදහසේ ගමන් බිමන් යන්න, රටේ සුන්දරත්වය අත්විඳින්න වගේම එදිනෙදා වැඩකටයුතු පහසුවෙන් කරගන්න පොදු ප්‍රවාහනය මෙතරම් දියුණු මට්ටමක පැවතීම පවුලක ජීවන රටාව තවත් සරල සහ සුන්දර එකක් බවට පත් කරනවා.

0%
0%
0%
0%
Comments