ads
Entertainment

ආදරය, කුතුහලය මැදින් හමා එන 'සූරිය සුළඟ'

zira-fb
zira-twitter
zira-whatsapp
zira-viber
zira-fb
zira-twitter
zira-whatsapp
zira-telegram
zira-viber
ලංකාවේ සිනමාලෝලීන්ගේ හිත් ආදරයෙන් වැළඳගත්ත 'මන්දාරා', 'ආදරණීය කතාවක්' වගේම 'දේදුනු ආකාසේ' වැනි අතිසාර්ථක සිනමාපට අපිට තිළිණ කරපු ප්‍රියන්ත කොළඹගේ අධ්‍යක්ෂකවරයාගේ අලුත්ම සිනමා ආගමනය ගැන මේ දවස්වල හැමෝම කතා වෙන්න පටන් අරන් තිබෙනවා.

ප්‍රේක්ෂකයින් නොඉවසිල්ලෙන් බලාගෙන හිටපු ඔහුගේ නවතම සිනමා නිර්මාණය වෙන්නේ 'සූරිය සුළඟ' සිනමාපටයයි. සිනමා ශාලාවට එන ප්‍රේක්ෂකයින්ට මෙදා සැරේ ත්‍රාසය, ආදරය වගේම නොසිතුණු ක්‍රියාදාමයන් රැසක් පිරුණු අමතක නොවන සුපිරි සිනමා අත්දැකීමක් විඳගන්න පුළුවන් වෙනවා කියලා මේ වෙනකොටත් ලොකු බලාපොරොත්තුවක් තබා තිබෙනවා.

මේ සිනමාපටයේ විශේෂම දේ වෙන්නේ 'Mr. World' තරගාවලිය හරහා ලංකාවට ලොකු කීර්තියක් ගෙනාපු, ලොවක් හඳුනාගත් නව පරපුරේ දක්ෂ රංගන ශිල්පියෙක් වෙන මේඝ සූරියආරච්චි මෙහි ප්‍රධාන චරිතයෙන් රිදී තිරයට පිවිසීමයි.

ඒ වගේම ප්‍රධාන නිළිය ලෙස රංගනයෙන් දායක වන නිහාරි පෙරේරා සමඟින් ලංකාවේ සිනමාවේ දැවැන්තයින් වන සනත් ගුණතිලක, අශාන් ඩයස්, සේමිණී ඉද්දමල්ගොඩ වැනි ප්‍රවීණයන් රැසක්ම මේ සඳහා එකතු වී තිබෙනවා. මීට අමතරව මෞලි දුෂ්මන්ත, ඉසුරු ලොකුහෙට්ටිආරච්චි, ටෙරී ජයසිංහ, ලහිරු බාලසූරිය, මුතූ තරංගා සහ සජිනි රෝයි ඇතුළු ජනප්‍රිය තරු රැසකගේ රංගන දායකත්වයත් මෙහිදී දැකබලා ගන්න පුළුවන්.

මෙහි තිර රචනය ප්‍රියන්ත කොළඹගේ සහ වජිර කස්තුරි විසින් වන අතර  නිෂ්පාදනය: මනීශා ද සිල්වා, චම්මික ද සිල්වා, එම්.ආර්.එච් පෙරේරා, ප්‍රියන්ත කොළඹගේ විසිනි.

0%
0%
0%
0%
Comments