කොළඹ Water’s Edge හෝටල් පරිශ්‍රයේදී පසුගියදා රාත්‍රියේ අතිඋත්කර්ෂවත් අන්දමින් පැවැත්වුණු "Queens Of Sri Lanka 2026" අවසාන මහා තරගයේදී ඇය මෙලෙස ජයග්‍රහණයේ රන් කිරුළ පැළඳුවේ කාගේත් අවධානය තමන් වෙත නතු කරගනිමින්.
මෙවර තරගාවලිය පුරාවටම කැපී පෙනෙන දක්ෂතා දැක්වූ නවෝදා, මූලික විගණන පරීක්ෂණ මෙන්ම අනු-ක්ෂේත්‍ර රැසක්ද සාර්ථකව පසුකරමින් මෙම ගමන පැමිණියා. එහිදී ඇය සතු වූ සුවිශේෂී දක්ෂතාවය සහ ආකර්ෂණීය පෞරුෂය නිසාම "Miss Adventure" උප-කිරුළ (Mini Title) ද තමන් සතු කර ගැනීමට ඇයට හැකි වුණා.
සාම්ප්‍රදායික රූ රැජිණ තරග රටාවෙන් ඔබ්බට ගිය, කාන්තාවකගේ බුද්ධිය, පෞරුෂය සහ සංස්කෘතික වටිනාකම්වලට මුල්තැන දුන් නව මුහුණුවරක් මෙවර තරගාවලිය පුරා දැකගත හැකි වූ බවයි සංවිධායක මණ්ඩලය පවසන්නේ.
මෙම සුවිශේෂී ජයග්‍රහණයත් සමඟින් නවෝදාට ජාත්‍යන්තර වේදිකාව ජයගැනීමේ මාවතද විවර වී තිබෙනවා. ඒ අනුව, එළඹෙන ජූනි මාසයේදී ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට නියමිත 09 වැනි "Miss Tourism Queen International" ලෝක තරගාවලිය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කිරීමේ නිල වගකීම සහ ගෞරවය ඇයට හිමිවනවා.