මෙම සිනමාපටයේ වඩාත්ම අවධානයට ලක්වූ කාරණය වන්නේ එහි මාලිනී ෆොන්සේකා මහත්මියගේ චරිතය නිරූපණය කරන්නේ කවුරුන්ද යන්නයි. ඒ සඳහා රූපවාහිනී මෙන්ම සිනමා ප්‍රේක්ෂකයින්ගේ ආදරය දිනාගත් දක්ෂ රංගන ශිල්පිනී තාරුකා වන්නිආරච්චි තෝරාගෙන තිබෙනවා.
"රැජිණියේ" සිනමා නිර්මාණයේ සමාරම්භය සනිටුහන් කරමින් එහි මුහුරත් උළෙල අද (මැයි 05) නවලෝක ශ්‍රවණාගාරයේදී ඉතා උත්කර්ෂවත් අයුරින් පවත්වා තිබෙනවා. මෙරට කලා ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් රැසකගේ සහභාගීත්වයෙන් පැවති මෙම උත්සවයේදී, චිත්‍රපටයේ ප්‍රධාන චරිතය සඳහා තාරුකා වන්නිආරච්චිගේ නාමය නිල වශයෙන් නිවේදනය කෙරුණා.
මෙම සුවිශේෂී සිනමා ව්‍යාපෘතිය පිටුපස සිටින දැවැන්ත පෞරුෂය වන්නේ සිනෙස්ටාර් පදනමේ සභාපති, ආචාර්ය ජයන්ත ධර්මදාස මහතායි. ඔහුගේ සාඩම්බර සිනමා නිෂ්පාදනයක් ලෙස එළිදකින මෙම චිත්‍රපටය, අරුණ ජයවර්ධන විසින් අධ්‍යක්ෂණය කරනු ලබනවා.