ads
Feature

රාත්‍රී අහසේ අපූරු දසුනක්

zira-fb
zira-twitter
zira-whatsapp
zira-viber
zira-fb
zira-twitter
zira-whatsapp
zira-telegram
zira-viber
රාත්‍රී අහස නිරීක්ෂණය කරන කාහටත් සුවිශේෂී වූ අත්දැකීමක් විඳගැනීමේ අවස්ථාව අද (05) රාත්‍රියේ උදාවන බව අභ්‍යවකාශ විද්‍යාඥ සහ ඉංජිනේරු කථිකාචාර්ය ගිහාන් වීරසේකර මහතා පවසනවා. මේ වසරේ දැකගත හැකි ප්‍රධානතම උල්කාපාත වර්ෂාවක් ලෙස සැලකෙන මෙය අද රාත්‍රියේ සහ හෙට (06) අලුයම් කාලයේදී වඩාත් පැහැදිලිව දර්ශනය වන බවයි ඔහු සඳහන් කරන්නේ.

‘ඊටා ඇක්වාරිඩ්ස්’ (Eta Aquariids) ලෙස නම් කර ඇති මෙම උල්කාපාත වර්ෂාව අද රාත්‍රියේ සිට හෙට අලුයම් කාලය දක්වා ක්‍රමයෙන් වර්ධනය වන බව විද්‍යාඥයන් පෙන්වා දෙනවා. නැගෙනහිර අහස නිරීක්ෂණය කිරීමෙන් මෙම අපූර්ව දසුන ඕනෑම අයෙකුට පියවි ඇසින් දැකබලා ගත හැකි බව ගිහාන් වීරසේකර මහතා පවසනවා. කිසිදු විශේෂ උපකරණයකින් තොරව රාත්‍රී අහසේ සිදුවන මෙම වෙනස්කම් සජීවීව අත්විඳීමට මෙයින් අවස්ථාව උදාවනවා.

නිරීක්ෂණයට හොඳම වේලාව මෙන්න

මෙම උල්කාපාත වර්ෂාව වඩාත් තීව්‍ර ලෙස සහ පැහැදිලිව දැකගත හැකි කාලය පිළිබඳව ද කථිකාචාර්යවරයා කරුණු පැහැදිලි කරනවා. ඔහුගේ ප්‍රකාශයට අනුව, හෙට (06) අලුයම 4:00 ත් 5:00 ත් අතර කාලය තුළ මෙම දර්ශනය ඉතාමත් හොඳින් දර්ශනය වීමට නියමිතයි. මේ නිසා අලුයම් කාලයේ නැගෙනහිර අහස දෙස අවධානයෙන් සිටීමෙන් අහස සිසාරා ඇදී යන උල්කාපාත රැසක් නැරඹීමට ඔබටත් හැකියාව ලැබෙනවා.

මෙම උල්කාපාත වර්ෂාව නිර්මාණය වන්නේ ලොව සුප්‍රකට හැලිගේ වල්ගාතරුව මගින් ඉතිරි කර යන අභ්‍යවකාශ දූවිලි අංශු පෘථිවි වායුගෝලයට ඇතුළු වීමෙන් බව විද්‍යාත්මකව හඳුනාගෙන තිබෙනවා. 

සෑම වසරකම මැයි මාසයේදී පෘථිවි වාසීන්ට හිමිවන මෙම සොඳුරු දසුන මෙවර ශ්‍රී ලංකාවට පැහැදිලිව දැකගත හැකිවීම සුවිශේෂී තත්ත්වයක් බවයි ගිහාන් වීරසේකර මහතා වැඩිදුරටත් පවසන්නේ.

0%
0%
0%
0%
Comments