විලාසිතා ලෝකයේ දැවැන්තම රාත්‍රිය ලෙස සැලකෙන මෙම අවස්ථාවට මෙවරත් ලොව සුප්‍රකට තරු සිය ගණනක් සහභාගී වූයේ මුළු ලොවම මවිතයට පත් කරවන සුළු අලංකාර ඇඳුම් නිර්මාණවලින් සැරසෙමින්.
මෙවර මෙට් ගාලා උළෙල සඳහා ලබා දී තිබූ තේමාව වූයේ "විලාසිතා යනු කලාවකි" (Fashion is Art) යන්නයි. මෙම අපූරු තේමාවට අනුව සැරසුණු තරු අතරින් ඇතැමුන් ඉතා සරල මෙන්ම කලාත්මක විලාසිතා තෝරාගෙන තිබූ අතර, තවත් පිරිසක් අතිශය නිර්මාණශීලී විලාසිතාවලින් රතු පලස හැඩ කළා.
මෙට්‍රොපොලිටන් කෞතුකාගාරයේ "Costume Art" ප්‍රදර්ශනයට සමගාමීව පැවැත්වුණු මෙම උළෙල හරහා මෙවර ඇමරිකානු ඩොලර් මිලියන 42 ක වාර්තාගත මුදලක් රැස් කර තිබෙනවා. මෙය පසුගිය වසරේ රැස් කළ ඩොලර් මිලියන 31 ක මුදල අභිබවා යාමක් වන අතර, රැස් වූ මෙම සියලු ආදායම් කෞතුකාගාරයේ මෝස්තර නිරූපණ අංශයේ ප්‍රගතිය වෙනුවෙන් වෙන් කිරීමට නියමිතයි.
MET Gala 2026 හි නෙත ගැටුණු තැන් කිහිපයක්;(VOGUE)