නමුත් අයර්ලන්තයේ 'APC Microbiome' පර්යේෂණ ආයතනයේ විද්‍යාඥයන් පිරිසක් කළ අලුත්ම අධ්‍යයනයකින් හෙළි වී ඇත්තේ, කෝපි පානය කිරීම අපේ බඩවැල්වල සිටින හිතකර බැක්ටීරියා (Gut Microbiome) සහ මොළය අතර පවතින සබඳතාවය ශක්තිමත් කරන බවයි.
අපේ ආහාර ජීර්ණ පද්ධතිය සහ මොළය අතර සෘජු සබඳතාවක් පවතින අතර, එය 'Gut-Brain Axis' ලෙස හඳුන්වනු ලබයි. මෙම පර්යේෂණයට අනුව, දිනකට කෝපි කෝප්ප 3-5ත් අතර ප්‍රමාණයක් පානය කරන පුද්ගලයන්ගේ ආහාර ජීර්ණ පද්ධතියේ 'Eggertella' සහ 'Cryptobacterium' වැනි හිතකර බැක්ටීරියා වර්ධනය වන බව සොයාගෙන ඇත. මෙමගින් ශරීරය අහිතකර විෂබීජවලින් ආරක්ෂා කරනවා පමණක් නොව, මානසික සුවතාවයටද විශාල රුකුලක් ලැබෙන බව තහවුරු වී තිබේ.
මෙහි ඇති විශේෂත්වය වන්නේ කැෆේන් අඩංගු මෙන්ම කැෆේන් රහිත කෝපි වර්ග දෙකෙන්ම සමාන ප්‍රතිලාභ ලැබීමයි. පර්යේෂණයට සහභාගී වූවන් සති දෙකක් කෝපි පානයෙන් වැළකී සිට නැවත එය ලබා ගත් විට, ඔවුන්ගේ මානසික ආතතිය, විශාදය සහ නොසන්සුන් බව සැලකිය යුතු ලෙස අඩු වී ඇති බව නිරීක්ෂණය විය.
එනම්, කෝපිවල ඇති ගුණය කැෆේන්වලට පමණක් සීමා නොවන බවත්, එහි ඇති 'පොලිෆෙනෝල්' වැනි අනෙකුත් සංයෝග අපගේ බුද්ධි වර්ධනයට සහ මතක ශක්තියට උදව් වන බවත් මෙහිදී පැහැදිලි විය. කෙසේ වෙතත්, සාමාන්‍ය කෝපි සහ කැෆේන් රහිත කෝපි අතර සුළු වෙනස්කම් ද හඳුනාගෙන ඇත.