මේ වන විට ජාත්‍යන්තර සිනමා වෙළඳපොළ තුළද අතිශය සාර්ථක ප්‍රතිචාර ලබමින් සති අන්තය අවසන් වන විට ගෝලීය වශයෙන් ඩොලර් මිලියන 233.6ක ආදායමක් වාර්තා කිරීමට මෙම නිර්මාණය සමත්ව තිබෙනවා.
මෙම සාර්ථකත්වය පිටුපස ඇති ප්‍රධානතම රහස වන්නේ මෙරිල් ස්ට්‍රීප්, ඈන් හැත්වේ, එමිලි බ්ලන්ට් සහ ස්ටැන්ලි ටුචි යන මුල් චිත්‍රපටයේ තරු කැලම නැවතත් සිය සුපුරුදු චරිතයන්ට පණ පෙවීමයි. ඩොලර් මිලියන 100ක පමණ පිරිවැයකින් නිෂ්පාදනය වූ මෙම චිත්‍රපටය, මීට දශක දෙකකට පෙර Runway සඟරාවේ අත්දැකීම් නැවතත් ප්‍රේක්ෂකයන් හමුවට රැගෙන එනවා.
සිනමා විචාරකයන්ගේ මිශ්‍ර ප්‍රතිචාර මධ්‍යයේ වුවද, ප්‍රේක්ෂකයන්ගෙන් ලැබුණු උණුසුම් ප්‍රතිචාර හේතුවෙන් CinemaScore දර්ශකයේ "A-" ශ්‍රේණියක් ලබා ගැනීමට මෙම චිත්‍රපටයට හැකි වුණා. විශේෂයෙන්ම කාන්තා ප්‍රේක්ෂකයන් අතර මෙම නිර්මාණය ඉහළ ජනප්‍රියත්වයක් ලබාගෙන ඇති අතර, එය වසරේ සිව්වන හොඳම සිනමා ආරම්භය ලෙසද සටහන් වනවා.
ප්‍රේක්ෂකයන් තුළ පවතින මෙම උනන්දුව දෙස බලන විට, ඉදිරි සති කිහිපය ඇතුළත මුල් චිත්‍රපටය තැබූ ආදායම් වාර්තා අභිබවා යෑමට "Prada 2" සමත් වනු ඇති බවට අනාවැකි පළ කෙරෙනවා.
මේ අතරතුර සිනමා ශාලාවල පවතින උද්යෝගය තවදුරටත් තහවුරු කරමින් මයිකල් ජැක්සන්ගේ ජීවිත කතාව රැගත් "Michael" චිත්‍රපටය සහ "The Super Mario Galaxy Movie" වැනි නිර්මාණද ඉතා ඉහළ ආදායමක් උපයමින් සාර්ථකව තිරගත වනවා.
මේ සියල්ල අතරේ නවතම ත්‍රාසජනක සිනමා අත්දැකීමක් ලෙස "Hokum" චිත්‍රපටය සහ සජීවීකරණ නිර්මාණයක් වන "Animal Farm" ද ප්‍රදර්ශනය ආරම්භ කරමින් සිනමා ලෝලීන්ට විවිධත්වයෙන් යුත් සිනමා අත්දැකීම් රාශියක් දායාද කර තිබෙනවා.