ads
Lifestyle

යළි හිස ඔසවන ඩෙංගු අවදානම: දැනුවත් වෙමු - පරිස්සම් වෙමු

zira-fb
zira-twitter
zira-whatsapp
zira-viber
zira-fb
zira-twitter
zira-whatsapp
zira-telegram
zira-viber
වසරේ මුල් මාස කිහිපය තුළම දිවයින පුරා ඩෙංගු රෝගීන්ගේ ශීඝ්‍ර වර්ධනයක් දක්නට ලැබෙන බව ජාතික ඩෙංගු මර්දන ඒකකය අනතුරු අඟවනවා. සංඛ්‍යාලේඛනවලට අනුව මේ වසරේ මේ දක්වා රෝගීන් 25,082 ක් වාර්තා වී ඇති අතර, අවාසනාවන්ත ලෙස මරණ 12 ක් ද සිදුව තිබෙනවා.

වැඩිම බලපෑමක් ඇති ප්‍රදේශ

ප්‍රජා වෛද්‍ය විශේෂඥ වෛද්‍ය ප්‍රශිලා සමරවීර මහත්මිය පෙන්වා දෙන පරිදි පහත දිස්ත්‍රික්කවල රෝගීන් වාර්තා වීම ඉහළ මට්ටමක පවතිනවා:

  • කොළඹ (විශේෂයෙන් කොළඹ මහනගර සභා බල ප්‍රදේශය)
  • ගම්පහ සහ කළුතර
  • ගාල්ල සහ මාතර
  • රත්නපුර

උණ වැළඳුනොත් ප්‍රවේශම් වන්න


ප්‍රජා වෛද්‍ය විශේෂඥ වෛද්‍ය ප්‍රශිලා සමරවීර මහත්මිය අවධාරණය කරන්නේ කිසියම් අයෙකුට දින දෙකකට වඩා උණ පවතී නම්, එය සාමාන්‍ය වෛරස් උණක් යැයි සිතා නොසලකා නොහරින ලෙසයි. එවැනි අවස්ථාවක වහාම වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු වී එය ඩෙංගු රෝගයද යන්න තහවුරු කර ගැනීම ඉතා වැදගත්. රෝගය මුල් අවස්ථාවේම හඳුනා ගැනීමෙන් සංකූලතා අවම කර ජීවිතය බේරා ගැනීමට වැඩි අවස්ථාවක් පවතිනවා.

ඖෂධ භාවිතයේදී මේ ගැන සිතන්න..


බොහෝ දෙනෙක් උණ වැළඳුනු විගස තමන් දන්නා හඳුනන විවිධ වේදනා නාශක ඖෂධ ලබා ගැනීමට පෙළඹෙනවා. නමුත් ඩෙංගු රෝගය සැක සහිත අවස්ථාවකදී වෛද්‍ය උපදෙස් නොමැතිව ඖෂධ ගැනීම භයානක විය හැකියි. විශේෂයෙන්ම වෛද්‍යවරයෙකු හමුවන තෙක් උණ සඳහා පැරසිටමෝල් හැර වෙනත් කිසිදු වේදනා නාශකයක් හෝ ඖෂධයක් භාවිත නොකිරීමට වගබලා ගන්න. 

මදුරු දෂ්ටනයෙන් බේරෙමු


රෝගය ව්‍යාප්ත වීම පාලනය කිරීමට ඇති හොඳම ක්‍රමය මදුරුවන් බෝවන ස්ථාන විනාශ කිරීම සහ මදුරු දෂ්ට කිරීම්වලින් ආරක්ෂා වීමයි. නිවස සහ අවට පරිසරය පිරිසිදුව තබාගන්න. ඔබේ සහ ඔබේ ආදරණීයයන්ගේ ආරක්ෂාව වෙනුවෙන් මේ සුළු කැපකිරීම් කිරීම අද දවසේ ඉතා වැදගත් වනු ඇත.

0%
0%
0%
0%
Comments