නවතම දත්තයන්ට අනුව, ගෞතම් අදානිගේ ශුද්ධ වත්කම් ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් බිලියන 92.6ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, වසර ගණනාවක් ප්‍රමුඛස්ථානයේ පසුවූ මුකේෂ් අම්බානිගේ වත්කම ඩොලර් බිලියන 90.8ක් ලෙසයි සටහන් වන්නේ.
මේ අනුව ලොව ධනවත්ම පුද්ගලයන්ගේ ලැයිස්තුවේ අදානි 19 වන ස්ථානයටත්, අම්බානි 20 වන ස්ථානයටත් පත්ව තිබෙනවා. ඉන්දියානු ව්‍යාපාරිකයන් දෙපළක් අතර පවතින මෙම කරට කර සටහන මුළුමහත් ආසියානු කලාපයේම ආර්ථික ගමන්මඟ පිළිබඳ මනා ඉඟියක් සපයන්නක්.
ආසියානු කලාපය තුළ මෙවැනි වෙනසක් සිදු වුවද, ලෝකයේ ධනවත්ම පුද්ගලයන් අටදෙනාම තවමත් අමෙරිකානුවන් වීම විශේෂත්වයක්. ඒ අතරින් ටෙස්ලා සහ Space X හිමිකරු එලොන් මස්ක් ඩොලර් බිලියන 656ක අතිදැවැන්ත වත්කමකට හිමිකම් කියමින් තවමත් ලෝකයේ අංක එකේ ධනවතා ලෙස වැජඹෙනවා.
ඔහුට පසුව ලැරී පේජ් (ඩොලර් බිලියන 286) සහ ජෙෆ් බෙසොස් (ඩොලර් බිලියන 269) පිළිවෙළින් දෙවන සහ තෙවන ස්ථාන හොබවනු ලබනවා.
ව්‍යාපාරික ලෝකයේ මෙවැනි වෙනස්කම් සිදුවන්නේ කොටස් වෙළඳපොළ සහ ගෝලීය ආර්ථික ප්‍රවණතා මත වුවත්, අදානිගේ මෙම ජයග්‍රහණය ඉන්දියානු ව්‍යාපාරික ක්ෂේත්‍රයේ නව පිම්මක් ලෙසයි බොහෝ දෙනා දකින්නේ.