මෙවර තරගයේ විශේෂත්වය වන්නේ රොබෝවරුන්ගෙන් 40%ක්ම කිසිදු බාහිර පාලනයකින් තොරව, ස්වයංක්‍රීයව ගමන් කිරීමයි. පසුගිය වසරේ ජයග්‍රාහකයා වූ 'Tiangong Ultra' මෙවරත් කාගේත් අවධානය දිනාගත් අතර, එය මිනිස් ඇවිදීමේ රටාවට බෙහෙවින් සමාන ලෙස ගමන් කිරීමට සමත්ව තිබෙනවා.
කෙසේ වෙතත්, වෘත්තීය මලල ක්‍රීඩකයෙකුගේ වේගයට ළඟා වීමේදී රොබෝවරුන්ගේ පද්ධතිවලට ක්ෂණික තීරණ ගැනීමට සිදුවන බැවින්, එය තවමත් තාක්ෂණික අභියෝගයක්ව පවතිනවා.
වෙළඳපොළ දත්තවලට අනුව, වර්තමානයේ ලොව පුරා ස්ථාපනය කර ඇති මානුෂීය රොබෝවරුන්ගෙන් 80%කට වඩා හිමිකම් කියන්නේ චීනයයි. 2025 වසරේදී පමණක් ඒකක 16,000ක් ලොව පුරා භාවිතයට එක්ව ඇති අතර, ටෙස්ලා වැනි ප්‍රධාන සමාගම්වලට වඩා චීන සමාගම් නිෂ්පාදන ධාරිතාව අතින් ඉදිරියෙන් සිටිනවා. යුනිට්‍රී වැනි සමාගම් වසරකට රොබෝවරුන් 75,000ක් දක්වා නිෂ්පාදනය වැඩි කිරීමට සැලසුම් කරමින් සිටිනවා.