ads
Travel

ලෝකයම කතා කරන 2026 වසරේ විශිෂ්ටතම සංචාරක ගමනාන්ත

zira-fb
zira-twitter
zira-whatsapp
zira-viber
zira-fb
zira-twitter
zira-whatsapp
zira-telegram
zira-viber
ලෝකය පුරා සංචාරක ක්ෂේත්‍රය අලුත් වෙමින් පවතින කාලයක, 2026 වසර සඳහා TIME සඟරාව විසින් ලොව විශිෂ්ටතම ස්ථාන කිහිපයක් නම් කර තිබෙනවා. අලුත්ම කෞතුකාගාර, දැවැන්ත පාලම් සහ රොබෝවරුන් පාලනය කරන අවන්හල් දක්වා විහිදුණු මේ අපූරු අත්දැකීම් ඔබේ මීළඟ නිවාඩුව තීරණය කිරීමට හොඳම මඟපෙන්වීමක් වනු නොඅනුමානයි.

අහස සිඹින හුවාජියෑං පාලම


චීනයේ ගිනිකොනදිග ප්‍රදේශයේ පිහිටි හුවාජියෑං (Huajiang Grand Canyon Bridge) පාලම මේ වන විට ලොව උසම පාලම ලෙස කිරුළු පලඳා අවසන්. 2025 සැප්තැම්බර් මස විවෘත වූ මෙම පාලම අඩි 2,050ක් තරම් ඉහළින් පිහිටා ඇති අතර, පැය දෙකක ගමනක් මිනිත්තු දෙකකට සීමා කිරීමට සමත් වී තිබෙනවා. මෙහි ඇති වීදුරු මතින් දිවෙන මංතීරුව, පරිදර්ශක දසුන් සහිත කැෆේ එක සහ බන්ජි ජම්පිං ක්‍රීඩාව ත්‍රාසජනක අත්දැකීම් සොයන ඔබට කදිම අත්දැකීමක් වනු ඇත.

ඊජිප්තුවේ මහා කෞතුකාගාරය


දශක දෙකක කාලයක් තිස්සේ ඩොලර් බිලියනයකට අධික පිරිවැයක් දරමින් ඉදි කළ ඊජිප්තු මහා කෞතුකාගාරය (Grand Egyptian Museum) පසුගිය නොවැම්බරයේදී විවෘත වුණා. තනි ශිෂ්ටාචාරයක් වෙනුවෙන් වෙන් වූ ලොව විශාලතම කෞතුකාගාරය මෙයයි. පැරණි ඊජිප්තුවේ රහස් සහ වස්තූන් රැසක් එකම වහලක් යටදී දැකබලා ගැනීමට දැන් සංචාරකයින්ට අවස්ථාව ලැබී තිබේ.

ආසියාවේ සැඟවුණු සුන්දරත්වය සොයා යන ගමනක්


දකුණු කොරියාවේ බුසාන් නුවර පිහිටි හේදොං යොන්ගුන්සා (Haedong Yonggungsa) විහාරස්ථානය සහ ජපානයේ සෙටෝ දූපත් සමූහය (Seto Inland Sea) මෙවර සංචාරකයින්ගේ වැඩි අවධානයක් දිනාගෙන ඇත. 

විශේෂයෙන්ම ජපානයේ සැතපුම් 43ක් දිගු මහා මාර්ගය සහ පාපැදි පථය මඟින් දූපත් හයක් යා කිරීම නිසා පරිසර හිතකාමී සංචාරයකට මෙය කදිම තේරීමකි. 

එසේම, තායිලන්තය තරම් කාර්යබහුල නොවන ලාඕසයේ වියන්ටියන් (Vientiane) නුවර අලුත් වීදි ආහාර සහ ස්වාධීන සංගීත කලාව අත්විඳීමට කැමති අයට කදිම නවාතැනකි.

අප්‍රිකානු මහාද්වීපයේ අභිරහස් සහ සංස්කෘතිය


අප්‍රිකාවේ මහා රිෆ්ට් නිම්නය (Great Rift Valley) සැතපුම් 3,000ක් පුරා විහිදෙන ස්වභාවධර්මයේ අපූරු නිර්මාණයකි. එසේම ඇන්ගෝලාවේ 'National Museum of Slavery' වැනි ස්ථාන අප්‍රිකානු ඉතිහාසය සහ උරුමය ගැන අලුත් මානයකින් සිතීමට මඟ පාදයි. අප්‍රිකානු ගුවන් සේවාවන් තවමත් දියුණු වෙමින් පවතින මුත්, ඉදිරි වසර කිහිපය තුළ මෙම කලාපය ලොව ප්‍රධානතම සංචාරක කේන්ද්‍රස්ථානයක් වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

චීනයේ රොබෝ අවන්හල් විප්ලවය


තාක්ෂණය සමඟ මුසුවුණු අනාගතවාදී අත්දැකීමක් සොයන ඔබට චීනයේ රොබෝවරුන් විසින් පවත්වාගෙන යන අවන්හල් අලුත්ම අත්දැකීමක් වනු ඇත. මෙහි මුළුතැන්ගෙය තුළ කිසිදු මිනිස් මැදිහත්වීමක් නොමැතිව, රොබෝවරුන් විසින් මිනිත්තු තුනක් වැනි කෙටි කාලයකදී ආහාර වර්ග 100කට අධික ප්‍රමාණයක් පිළියෙල කරනු ලබයි. 

සැබවින්ම, 2026 වසර යනු ලෝකය පෙර නොවූ විරූ අන්දමින් අලුත් වන වසරකි. අහස සිඹින දැවැන්ත නිර්මාණවල සිට තාක්ෂණයෙන් ඔපවත් වූ අනාගතවාදී අවන්හල් දක්වා වූ මේ සෑම අත්දැකීමක්ම ඔබේ සංචාරක දිනපොතට අලුත් අර්ථයක් එක් කරනු ඇත.

0%
0%
0%
0%
Comments