ads
Feature

ගුවන් මගීන් දුටු ආටිමිස් II මෙහෙයුම

zira-fb
zira-twitter
zira-whatsapp
zira-viber
zira-fb
zira-twitter
zira-whatsapp
zira-telegram
zira-viber
'ආටිමිස් II' මෙහෙයුම පසුගිය අප්‍රේල් 01 වනදා සාර්ථකව අභ්‍යවකාශගත වුණා. වසර 50කට වැඩි කාලයකට පසු සඳ බලා යන මෙම පළමු මිනිස් මෙහෙයුම මුළු ලෝකයේම අවධානය දිනාගත් මොහොතක, කොස්ටාරිකාවේ සිට ඇට්ලන්ටා බලා පියාසර කළ ඩෙල්ටා ගුවන් යානයක මගීන්ට තමන් කිසිදා බලාපොරොත්තු නොවූ අන්දමේ විස්මයජනක දර්ශනයක් දැකගත හැකි වුණා.

ඒ, වසර 50කට වැඩි කාලයකට පසු මිනිසුන් රැගෙන යළි සඳ වෙත යන නාසා ආයතනයේ සුවිශේෂී 'ආටිමිස් II' (Artemis II) මෙහෙයුම අභ්‍යවකාශගත වන මොහොතයි. ගුවන් යානයේ ජනේලයෙන්, අඳුරු අහස සිසාරා ඉහළට ඇදී යන රොකට්ටුවේ දීප්තිමත් ආලෝක ධාරාව දැක ගැනීමට ඔවුන්ට හැකි වුණා.

මෙම ඓතිහාසික ගමන සඳහා ගගනගාමීන් සිව්දෙනෙකු එක්ව සිටිනවා. ඒ අතරට ප්‍රථම වරට කාන්තා ගගනගාමියෙකු වන ක්‍රිස්ටිනා කොච් සහ අප්‍රිකානු ඇමරිකානු ජාතික වික්ටර් ග්ලෝවර් ඇතුළත් වීම විශේෂත්වයක්. රීඩ් වයිස්මන් සහ ජෙරමි හැන්සන් යන සෙසු සාමාජිකයන් සමඟ ඔවුන් දින 10ක කාලයක් පුරා පෘථිවි චන්ද්‍රයා වටා කක්ෂගත වෙමින් අභ්‍යවකාශයේ සැරිසැරීමට නියමිතයි. 

ගුවන් මගීන් සිය ජංගම දුරකථනවලින් රූගත කළ එම අසිරිමත් දර්ශන මේ වන විට සමාජ මාධ්‍ය පුරා මහත් ආන්දෝලනයක් ඇති කර තිබෙනවා.

වීඩියෝව නරඹන්න - https://www.facebook.com/share/r/1DnpEFZJUN/

0%
0%
0%
0%
Comments