ads
Feature

චීනයේ විවෘත වූ ලොව දිගම විදුලි පඩිපෙළ

zira-fb
zira-twitter
zira-whatsapp
zira-viber
zira-fb
zira-twitter
zira-whatsapp
zira-telegram
zira-viber
චීනයේ චොංචිං (Chongqing) නගරයේ කඳුකර බෑවුම් අතරින් අපූරු නිර්මාණයක් ගැන මේ දිනවල ලෝකයේම අවධානය යොමුව තිබෙනවා. ඒ තමයි "Goddess" ලෙස නම් කර ඇති අතිවිශාල එස්කැලේටර් පද්ධතිය.

සැතපුම් භාගයකට වඩා දිගින් යුත් මෙය, නගරයේ පහළ බෑවුමක සිට ඉහළ අහස දෙසට විහිදී යන්නේ මවිතයට පත් කරමින්. මෙහි ඇති සුවිශේෂී පරිමාණය නිසාම, වීඩියෝ දර්ශන මගින් පවා එහි සැබෑ දැවැන්ත බව සම්පූර්ණයෙන්ම ග්‍රහණය කර ගැනීම අපහසු බව පැවසේ.

මෙම එස්කැලේටර් පද්ධතියේ ආරම්භයේ සිට අවසානය දක්වා ගමන් කිරීමට පමණක් මිනිත්තු 21ක පමණ කාලයක් ගතවන බව පැවසෙනවා. මෙය තනි පඩිපෙළක් නොව, කුඩා එස්කැලේටර් සහ විදුලි සෝපාන 24ක එකතුවකින් සමන්විත වූ සංකීර්ණ පද්ධතියක්. 

මෙහි ඇති විශේෂත්වය වන්නේ ස්විට්සර්ලන්තයේ සුප්‍රකට ෂින්ඩ්ලර් (Schindler) සමාගම මගින් මෙහි තාක්ෂණික උපාංග නිපදවා තිබීමයි.

නගර වැසියන්ගේ මෙන්ම සංචාරකයන්ගේ ද දැඩි ආකර්ෂණය දිනා ගන්න මෙය සමත්ව  තිබෙනවා. 

දිනකට 9,000කට අධික පිරිසක් මෙය භාවිතා කරන අතර, පසුගිය වසන්ත උත්සව සමයේදී පමණක් ලක්ෂ හතරහමාරකට අධික ජනතාවක් මෙහි ගමන් කර තිබෙනවා. එක් දිශාවකට පැයක ගමනක් සඳහා වැය වන්නේ ඇමෙරිකානු ඩොලර් 0.43ක් වැනි සුළු මුදලක් වීමත් මෙහි ජනප්‍රියත්වයට ප්‍රධාන හේතුවක්.

විශේෂයෙන්ම මෙම නිර්මාණය නිසා වුෂාන් නගරයේ "බැංබැං මෙන්" (bangbang men) ලෙස හැඳින්වෙන සාම්ප්‍රදායික බඩු උසුලන්නන්ගේ ජීවිතයට විශාල සහනයක් ලැබී තිබෙනවා. උණ බම්බු ආධාරයෙන් දැවැන්ත බරක් කර තබාගෙන කඳු මුදුන් වෙත පියමං කළ ඔවුන්ට, දැන් කිසිදු වෙහෙසකින් තොරව තම භාණ්ඩ ප්‍රවාහනය කිරීමට මෙම එස්කැලේටර් පද්ධතිය මග පාදා දී තිබෙනවා.

0%
0%
0%
0%
Comments