ads
Feature

ශාසන ඉතිහාසයේ වැදගත් සිදුවීම් රැසක් සිදු වූ බක් පුර පසළොස්වක පොහොය අදයි

zira-fb
zira-twitter
zira-whatsapp
zira-viber
zira-fb
zira-twitter
zira-whatsapp
zira-telegram
zira-viber
ශ්‍රී ලාංකේය බෞද්ධ ජනතාවට බක් පුර පසළොස්වක පොහෝ දිනය යනු ශාසනික වශයෙන් මෙන්ම ඓතිහාසික වශයෙන් ද ඉතා වැදගත් දිනයකි. මෙම පොහොය දිනය වඩාත් සුවිශේෂී වන්නේ බුදුරජාණන් වහන්සේගේ දෙවන ලංකාගමනය එදිනට යෙදී තිබීම හේතුවෙනි.

බුදුරජාණන් වහන්සේ නාගදීපයට වැඩම කළේ චූලෝදර සහ මහෝදර යන නාරජුන් දෙදෙනා අතර ඇති වූ ගැටුමක් සමථයට පත් කිරීම සඳහාය. 

එපමණක් නොව, සිදුහත් කුමරු ගිහිගෙය අතහැර සත්‍යය සෙවීමට පෙළඹවූ "සතර පෙර නිමිති" අතුරින් පළමුවැන්න වන "මහල්ලෙකුගේ රුව" දැකීම සිදුවූයේ ද බක් පුර පසළොස්වක පොහෝ දිනක බව විශ්වාස කෙරේ. 

මෙම උදාර ඓතිහාසික සිදුවීම් සිහිපත් කරමින් දිවයිනේ නන්දෙසින් පැමිණෙන බැතිමත්හු අද උදෑසන සිටම වෙහෙර විහාරස්ථාන කරා රොක් වෙති. 

ආමිස පූජාවන් ලෙස මල්, පහන්, සුවඳ දුම් පූජා කරන අතරම, ප්‍රතිපත්ති පූජාවන්ට මුල් තැන දෙමින් සිල් සමාදන් වීම, ධර්ම ශ්‍රවණය සහ භාවනා වැඩසටහන්වල නිරත වීම දක්නට ලැබේ. 

0%
0%
0%
0%
Comments