2022 වසරේදී තමා දුර්ලභ ස්නායු රෝගයකින් පෙළෙන බව හෙළි කරමින් ඇය සිය සංගීත කටයුතු තාවකාලිකව නතර කළා. එම රෝගී තත්ත්වය හේතුවෙන් ඇති වූ මාංශ පේශි තදවීම් නිසා ඇයට ගායනය පවා අසීරු වූ අතර, ඇගේ "Courage" ලෝක සංචාරය ද අවලංගු කිරීමට සිදුවුණා.
කෙසේ වෙතත්, 2024 ඔලිම්පික් සමාරම්භක උළෙලේදී එඩිත් පියාෆ්ගේ 'Hymne a l’amour' ගීතය ගයමින් ඇය සිදුකළ අතිවිශිෂ්ට නැවත පැමිණීම ඇගේ රසිකයන් තුළ දැඩි බලාපොරොත්තුවක් ඇති කිරීමට සමත් වුණා.
ලාස් වේගාස් නුවර ලොව ඉහළම ආදායම් වාර්තා තැබූ ප්‍රසංග පවත්වා ඇති සෙලීන්ගේ මෙම නවතම ප්‍රසංග මාලාව වෙනුවෙන් ප්‍රවේශ පත්‍ර අලෙවිය අප්‍රේල් 10 වනදා ආරම්භ වීමට නියමිතයි. වසර ගණනාවක නිශ්ශබ්දතාවයකින් පසු ඇය පෙන්වන මේ අසිරිමත් ධෛර්යය ඇගේ සංගීතයටත් වඩා ලෝකයාට ආදර්ශයක් වී තිබෙනවා.