විශේෂයෙන්ම අග්න්‍යාශය, පියයුරු, වකුගඩු, ප්‍රොස්ටේට් සහ 'මල්ටිපල් මයිලෝමා' (Multiple Myeloma) යන පිළිකා තත්ත්වයන් මෙලෙස නිර්මාංශිකයන් අතර අඩුවෙන් දක්නට ලැබෙන බව මෙම පර්යේෂණය පෙන්වා දෙනවා.
මෙම අධ්‍යයනය බ්‍රිතාන්‍ය පිළිකා සඟරාවේ පළ කර ඇති අතර, එය ලොව පුරා විසිරී සිටින පුද්ගලයන් මිලියන 1.8 කට අධික ප්‍රමාණයකගේ දත්ත විශ්ලේෂණය කරමින් සිදු කරන ලද්දක්. පර්යේෂණ වාර්තාවලට අනුව, නිර්මාංශිකයන්ට අග්න්‍යාශයික පිළිකා අවදානම 21% කින් ද, පියයුරු පිළිකා අවදානම 9% කින් ද අඩු වන අතර, වඩාත් කැපී පෙනෙන ලෙස වකුගඩු පිළිකා අවදානම 28% කින් සහ මල්ටිපල් මයිලෝමා අවදානම 31% කින් අඩු වන බව හඳුනාගෙන තිබෙනවා.
කෙසේ වෙතත්, මෙම පර්යේෂණයෙන් තරමක් අමුතු කරුණක් ද අනාවරණය වී තිබෙනවා. එනම්, මස් අනුභව කරන්නන්ට වඩා නිර්මාංශ ආහාර ගන්නා පුද්ගලයන්ට 'අන්නස්‍රෝත පිළිකා' (Oesophagus Cancer) ඇතිවීමේ අවදානම දෙගුණයකින් පමණ වැඩි බවයි. මෙයට නිශ්චිත හේතුවක් තවමත් සොයාගෙන නොමැති අතර, මස් අනුභව නොකිරීම නිසා මෙම සහනය ලැබෙන්නේද නැතහොත් නිර්මාංශ ආහාර වේලෙහි අඩංගු සුවිශේෂී යමක් නිසා මෙය සිදුවන්නේද යන්න පිළිබඳව වැඩිදුර පර්යේෂණ අවශ්‍ය බව විද්‍යාඥයන් පවසනවා.
පිළිකා පිළිබඳ පර්යේෂණ ආයතන පෙන්වා දෙන්නේ මෙය ඉතා වැදගත් අධ්‍යයනයක් වුවද, පුද්ගලයෙකුගේ පිළිකා අවදානම තීරණය වන්නේ එක් ආහාර වර්ගයක් මත පමණක් නොවන බවයි. තොරතුරු බී.බී.සී ඇසුරිනි.
සෞඛ්‍ය සම්පන්න දිවියකට සමබර ආහාර වේලක් ලබා ගැනීම මෙන්ම ක්‍රියාශීලී ජීවන රටාවක් පවත්වා ගැනීම ඉතා වැදගත්. එබැවින් ඔබේ ආහාර වේලට වැඩිපුර එළවළු සහ පළතුරු එකතු කරගනිමින්, රතු මස් සහ සැකසූ මස් වර්ග සීමා කිරීම පිළිකා අවදානම අවම කර ගැනීමට ඔබට ගත හැකි හොඳම පියවරක් වනු ඇත.