ads
Entertainment

ආචාර්ය වික්ටර් රත්නායක අභිනන්දන ප්‍රණාම උළෙල

zira-fb
zira-twitter
zira-whatsapp
zira-viber
zira-fb
zira-twitter
zira-whatsapp
zira-telegram
zira-viber
දශක හයකට වැඩි කාලයක් පුරා මෙරට සංගීත ක්ෂේත්‍රයට සහ ගුවන්විදුලි සංස්ථාවට ආචාර්ය වික්ටර් රත්නායකයන් විසින් ඉටු කළ මෙහෙවරට උත්තාමාචාර පුද කිරීම වෙනුවෙන්, ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව සංවිධාන කළ"සුභාවිත ගීතයේ සිටුවරයාණෝ ආචාර්ය වික්ටර් රත්නායක අභිනන්දනාභිෂේකය" උපහාර වැඩසටහන, පෙබරවාරි 24 වැනිදා ගුවන්විදුලි සංස්ථාවේ කුමාරතුංග මුනිදාස මැදිරියේ දී ගරු අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මැතිණියගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

your image

කලාවටත්, කලාකරුවාටත් නිසි ගෞරවය හිමිවන දේශයක් උදෙසා තැබූ තවත් එක් සුවිශේෂී පියවරක් ලෙස මෙම අවස්ථාව හැඳින්විය හැකිය. මෙම අවස්ථාවට එක්වෙමින් අග්‍රාමාත්‍යවරිය සිය අදහස් දැක්වූයේ "මමත් ආචාර්ය වික්ටර් රත්නායකයන්ගේ රසිකයෙක්. ඒ නිසාම මේ මොහොත මට ඉතාම විශේෂයි. වසර හැටකට වැඩි කාලයක් වික්ටර් රත්නායකයන් අපේ රටේ සංගීත ක්ෂේත්‍රයට ඉටුකළේ වචනවලින් කියා නිම කළ නොහැකි සේවයක්" යැයි ඇය එහිදී පැවසුවාය.

your image

මෙම සුන්දර සැඳෑව වික්ටර් රත්නායකයන්ගේ අසමසම කලා මෙහෙවර නැවත සිහිපත් කළ මොහොතක් විය. සිය ප්‍රාණවත් ස්වරයෙන් මෙන්ම ගැඹුරු තනුවලින් සිංහල සුභාවිත සංගීතය නව මාවතකට යොමු කළ ඔහුගේ දායකත්වය මෙහිදී විශේෂ ඇගයීමට ලක්විය. ඒ එතුමන්ට  උපහාරයක් ලෙස එතුමන්ගේ ඡායාරූපයක්ද ගුවන් විදුලි සංස්ථා පරිශ්‍රයේ දී විවෘත කිරිමද සිදුවිය.

your image

දශක පහකට අධික කාලයක් පුරා ඔහු ගැයූ ගී සහ කළ නිර්මාණ තවමත් තාරුණ්‍යයේ මෙන්ම වැඩිහිටි පරපුරේත් හදවත් තුළ නොමියෙන සුවඳක්ව පවතින බව එහිදී අවධාරණය කෙරිණි.

your image

මෙම අවස්ථාව සඳහා බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා, ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය  කෞශල්‍යා ආරියරත්න මහත්මිය සහ ගුවන්විදුලි සංස්ථාවේ  සභාපති ආචාර්ය උදිත ගයාෂාන් ගුණසේකර මහතා ඇතුළු  කලාකරුවෝ රැසක්  සහභාගි වූහ. මෙම උළෙල වඩාත් අලංකාරවත් වූයේ ඔහුගේ ජනප්‍රිය ගීත කිහිපයකින් ප්‍රසංගය සජීවීව හැඩවීමත් සමඟයි.

විඩීයෝව නරඹන්න - https://www.facebook.com/reel/791633267287059/?app=fbl

0%
0%
0%
0%
Comments