මුළු ලෝකයම ආදරය කරන, ඩොලර් බිලියන ගණන් වියදම් කර නිපදවූ හොලිවුඩ් සුපිරි නිර්මාණ පරදවන්නට මේ කුඩා ප්‍රාන්තයේ නිර්මාණයකට පුළුවන් වෙයි කියා කවුරුත් හිතුවේ නැහැ. ලෝකයේම බොක්ස් ඔෆිස් වාර්තා තැබූ Disney සමාගමේ දැවැන්ත නිෂ්පාදන වන Zootopia 2 සහ Lilo & Stitch වැනි චිත්‍රපට පවා පසෙකට තල්ලු කරමින්, මෙවර හොඳම ළමා සහ පවුල් චිත්‍රපටයට හිමි ගෞරවනීය BAFTA සම්මානය දිනාගත්තේ මනිපූරි භාෂාවෙන් නිපදවූ "Boong" චිත්‍රපටයයි.
තාක්ෂණයට සහ මුදලට වඩා "මනුෂ්‍යත්වය සහ ආදරය" සිනමාපටයකට කොතරම් වටිනවාද යන්න බ්‍රිතාන්‍ය ඇකඩමිය මෙලෙස මුළු ලෝකයටම ඔප්පු කර පෙන්වා තිබෙනවා. අධ්‍යක්ෂිකා ලක්ෂ්මිප්‍රියා දේවි විසින් නිර්මාණය කළ මෙම සංවේදී කතාව ගෙතී ඇත්තේ යුද්ධයෙන් පීඩා විඳින මනිපූර් දේශයේ කුඩා දරුවෙකු වටායි.
තම අතුරුදහන් වූ පියා සොයා යන 'බූං' (Boong) නම් මේ කුඩා දරුවාගේ අතිශය සංවේදී සහ ත්‍රාසජනක ගමන ලෝකයේම අවධානය දිනාගැනීමට සමත් වුණා. සම්මානය ලබාගැනීමෙන් පසු අධ්‍යක්ෂිකා ලක්ෂ්මිප්‍රියා දේවි වේදිකාවේදී කළ ප්‍රකාශය මුළු ලෝකයේම නෙතට කඳුළක් එක් කළේ, තම ප්‍රාන්තයේ සාමය පතා ඇය කළ ආයාචනය නිසාවෙනි.(තොරතුරු TOI ඇසුරිනි)
ඉන්දියාවේ සුපිරි නළු ෆර්හාන් අක්තාර් (Farhan Akhtar) සහ රිතේෂ් සිද්වානි ඇතුළු පිරිස නිෂ්පාදනය කළ මෙම නිර්මාණය, ඉන්දියානු සිනමාව හොලිවුඩ් අභිබවා ගිය ඓතිහාසික සන්ධිස්ථානයක් ලෙස දැන් ලෝකයේම කතාබහට ලක්වෙනවා. කලාවට භාෂාවක් හෝ සීමාවක් නැති බවත්, අවංක හැඟීම් ප්‍රකාශ කරන නිර්මාණයකට ඕනෑම දැවැන්තයෙකු පරාජය කළ හැකි බවත් මෙය මුළු ලෝකයටම පෙන්වා දී තිබෙනවා.