ads
Travel

2026 ලොව දැරිය හැකි මිලකට විශ්‍රාම දිවිය ගත කළ හැකි හොඳම රට ශ්‍රී ලංකාව

zira-fb
zira-twitter
zira-whatsapp
zira-viber
zira-fb
zira-twitter
zira-whatsapp
zira-telegram
zira-viber
විශ්‍රාමික දිවිය යනු වසර ගණනාවක කැපවීමෙන් පසු ලැබෙන නිදහස භුක්ති විඳිය යුතු කාලයයි. ලොව ප්‍රකට ‘International Living’ සඟරාව මගින් නිකුත් කරන ලද 35 වන වාර්ෂික ගෝලීය විශ්‍රාම දර්ශකයට (Annual Global Retirement Index 2026) අනුව, විදේශිකයන්ට ඉතාමත් අඩු පිරිවැයකින් සහ ඉහළ ගුණාත්මකභාවයකින් යුතුව විශ්‍රාම දිවිය ගත කළ හැකි ලොව අංක එකේ රට ලෙස ශ්‍රී ලංකාව තේරී පත්වී ඇත.

පිරිවැය, සෞඛ්‍ය පහසුකම් සහ නේවාසික වීසා පහසුව යන අංශ ගණනාවක් ඔස්සේ කරන ලද මෙම සමීක්ෂණයේදී ලකුණු 100 න් 98 ක් ලබා ගනිමින් ශ්‍රී ලංකාව මෙම සුවිශේෂී ජයග්‍රහණය ලබා තිබීම මෙරට සංචාරක ක්ෂේත්‍රයේ නව පිම්මකි.

වියදම් අඩු සුවපහසු දිවියක් සඳහා ඉහළම ඇගයීම

your image

මෙම දර්ශකයට අනුව ශ්‍රී ලංකාව ප්‍රමුඛස්ථානයට පත්වීමට ප්‍රධානතම හේතුව වී ඇත්තේ මෙරට පවතින අවම ජීවන වියදමයි. විශේෂයෙන්ම එදිනෙදා ආහාර පාන, එළවළු සහ පලතුරු ඇතුළු සිල්ලර ද්‍රව්‍ය ඉතා සහනදායී මිලකට ලබා ගැනීමට හැකි වීමත්, ප්‍රවාහන ගාස්තු අවම වීමත් විදේශිකයන්ගේ ආකර්ෂණයට හේතු වී ඇත. 

එමෙන්ම කොළඹ නගරය කේන්ද්‍ර කරගනිමින් පවතින උසස් තත්ත්වයේ පෞද්ගලික සෞඛ්‍ය සේවාවන් ඉතා අඩු පිරිවැයකින් ලබා ගැනීමට හැකි වීම, සෙසු ආසියාතික රටවල් අභිබවා යාමට ශ්‍රී ලංකාවට මහත් ශක්තියක් වී තිබේ.

ආසියාවේ පහසුම විශ්‍රාමික වීසා ක්‍රමවේදය

your image

විදේශිකයෙකුට වෙනත් රටක පදිංචි වීමේදී ඇතිවන ප්‍රධානතම බාධකය වන්නේ සංකීර්ණ වීසා ක්‍රියාවලියයි. එහෙත් ශ්‍රී ලංකාව ආසියාවේ පවතින පහසුම සහ වියදම් අඩුම විශ්‍රාමික වීසා (Retirement Visa) ක්‍රමවේදය හිමි රටක් ලෙස ජාත්‍යන්තර ඇගයීමට ලක්ව ඇත.

වියට්නාමය, තායිලන්තය සහ මැලේසියාව වැනි රටවල් පවා පරාජය කරමින් ශ්‍රී ලංකාව මෙම අංශයෙන් ඉදිරියට පැමිණීම හරහා, වැඩි වැඩියෙන් විදේශීය ආයෝජන සහ සංචාරකයන් මෙරටට ගලා ඒමට මාවත විවෘත වී ඇත.

සංස්කෘතික උරුමය සහ සොබාදහමේ සුසංයෝගය

ජීවන පිරිවැයට අමතරව ශ්‍රී ලංකාවේ පවතින ස්වභාවික සුන්දරත්වය මෙම තේරීමට තවත් ප්‍රධාන හේතුවකි. යුනෙස්කෝ ලෝක උරුම අඩවි 13 ක්, මනරම් වෙරළ තීරයන් සහ වසර පුරා පවතින හිතකර දේශගුණය විදේශිකයන්ගේ මනසට මෙන්ම ශරීරයටද සුවදායක අත්දැකීමක් එක් කරයි. "ශ්‍රී ලංකාව යනු විශාල මුදලක් වැය නොකර ඉතා ඉහළ සුඛෝපභෝගී ජීවිතයක් ගත කළ හැකි පාරාදීසයක්" බව International Living ආයතනය වැඩිදුරටත් පෙන්වා දෙයි.

0%
0%
0%
0%
Comments