ads
Entertainment

දෘශ්‍ය කලා ශිල්පීන්ට වටිනාකමක් එක්කළ, රාජ්‍ය දෘශ්‍ය කලා සම්මාන උළෙල

zira-fb
zira-twitter
zira-whatsapp
zira-viber
zira-fb
zira-twitter
zira-whatsapp
zira-telegram
zira-viber
ශ්‍රී ලංකේය දෘශ්‍ය කලා ක්ෂේත්‍රයට නව පණක් ලබා දෙමින්, 2025 රාජ්‍ය දෘශ්‍ය කලා උළෙල පසුගිය පෙබරවාරි 18 වනදා කොළඹදී ඉතා උත්කර්ෂවත් අන්දමින් පැවැත්වුණා.

කලාවට සහ සෞන්දර්යයට ලැදි කාගේත් අවධානය දිනාගත් මෙම සැඳෑව සම්මාන උළෙලකට එහා ගිය, දේශීය කලාකරුවන්ගේ නිර්මාණශීලීත්වය සහ ශාස්ත්‍රීය මෙහෙවර අභිෂේක ගැන්වූ සංස්කෘතික මංගල්‍යයක් ලෙස හැඳින්විය හැකියි. බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය සහ රාජ්‍ය දෘශ්‍ය කලා අනුමණ්ඩලය එක්ව සංවිධානය කළ මෙම උත්සවය, කලාවේ ජීවගුණය අගය කරන අප සැමට මහත් ආඩම්බරයක් ගෙන දුන් අවස්ථාවක්.

මෙවර උළෙලේ සුවිශේෂීම අවස්ථාවක් වූයේ කැලණිය විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය උපුල් රණේපුර මහතා සංස්කරණය කළ “රූපාවලෝකන - දෘශ්‍ය කලා ශාස්ත්‍රීය ලිපි සංග්‍රහය” එළිදැක්වීමයි. සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි යන ත්‍රෛභාෂාවෙන්ම විෂය ප්‍රාමාණිකයන් ලියූ ලිපි ඇතුළත් මෙම ග්‍රන්ථය, දෘශ්‍ය කලාව පිළිබඳ ශාස්ත්‍රීය දැනුම සොයන අයට වටිනා තිළිණයක් වනු නොඅනුමානයි. 

උළෙලේදී ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් තිදෙනෙකුට පිදූ යාවජීව සම්මාන පිරිනැමීමේදීයි. දෘශ්‍ය කලා ලෝකයේ දැවැන්තයන් වන සරත් චන්ද්‍රජීව, ලාල් හෑගොඩ සහ නිහාල් ප්‍රනාන්දු යන කලාකරුවන්ගේ දශක ගණනාවක කැපවීම මෙහිදී උපහාරයට පාත්‍ර වුණා. නවක නිර්මාණකරුවන්ට ආදර්ශයක් වෙමින් ඔවුන් කළ අනූපම සේවය ඇගයීමට ලක් කිරීම සැබවින්ම අගය කළ යුතු කටයුත්තක්.

සම්මාන රාත්‍රියේ වැඩිම අවධානයක් දිනාගත් තවත් අංශයක් වූයේ තරුණ හා නැගී එන කලාකරුවන්ගේ දක්ෂතා ඇගයීමයි. චිත්‍ර, මූර්ති සහ ඡායාරූප යන අංශ ඔස්සේ දක්ෂතා දැක්වූවන්ට මෙහිදී තෑගි සහ සහතික පිරිනැමුණු අතර, විශේෂයෙන් 'Single Photograph Entries' අංශයේ නිර්මාණ නරඹන්නන්ගේ නෙත් සිත් ඇද බැඳ තබා ගත්තා. 

බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය, ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතාගේ ප්‍රධානත්වයෙන් සහ ක්ෂේත්‍රයේ විද්වතුන් රැසකගේ සහභාගීත්වයෙන් නිමාව දුටු මෙම උළෙල, මෙරට දෘශ්‍ය කලාවේ අනාගතය පිළිබඳ සුබ පෙරනිමිති පළ කළ වර්ණවත් සැඳෑවක් ලෙස මතකයේ රැඳෙනු ඇත.

0%
0%
0%
0%
Comments