මෙම ආකර්ෂණීය දර්ශනය හුදු විනෝදාස්වාදයක් පමණක් නොව, චීනය තාක්ෂණික අතින් ලොව හමුවේ තබා ඇති දැවැන්ත පියවරක් ලෙස විචාරකයෝ හඳුන්වති.
විශේෂඥයන් පවසන පරිදි, කෘතිම බුද්ධිය වැනි පියවී ඇසට නොපෙනෙන තාක්ෂණයන්ට වඩා මෙවැනි රොබෝවරුන් ප්‍රදර්ශනය කිරීමෙන් තම රටේ තාක්ෂණික බලය ලොවටම සන්නිවේදනය කිරීමට චීනය උත්සාහ කරයි.
විශේෂයෙන්ම රොබෝවරුන් මහා පරිමාණයෙන් නිෂ්පාදනය කිරීමේ හැකියාව අතින් චීනය මේ වන විට ඇමරිකාවට පවා අභියෝගයක් වී හමාරය.
කෙසේ වෙතත්, මෙම රොබෝවරුන් තවමත් පවතින්නේ පුහුණු කළ දේ පමණක් කළ හැකි මට්ටමක බව ඇතැම් තාක්ෂණික විශේෂඥයන්ගේ මතයයි.
වේදිකාව මත දහස් වාරයක් පුහුණු වූ නර්තනයක් ඉදිරිපත් කළ හැකි වුවද, කර්මාන්තශාලාවක් වැනි සංකීර්ණ පරිසරයක වැඩ කිරීමට තරම් මොවුන් තවමත් "බුද්ධිමත්" නැති බව ඔවුන් පෙන්වා දෙයි. නමුත් චීනය මේ වන විටත් ස්මාර්ට් රොබෝ සමාගම් ලක්ෂ හතරකට අධික සංඛ්‍යාවක් ආරම්භ කරමින්, මේ සඳහා ඩොලර් බිලියන ගණනක ආයෝජන සිදු කරමින් සිටින්නේ ලොව නිෂ්පාදන කේන්ද්‍රස්ථානය බවට පත්වීමේ අරමුණ ඇතිවයි.

ඉදිරි වසර කිහිපය තුළ චීනයේ රොබෝ අලෙවිය දෙගුණයකින් පමණ ඉහළ යනු ඇතැයි මෝගන් ස්ටැන්ලි ආයතනය පුරෝකථනය කරයි. ටෙස්ලා සමාගමේ ප්‍රධානී එලොන් මස්ක් පවා පවසා ඇත්තේ තම සමාගමට ඇති ලොකුම අභියෝගය චීන සමාගම්වලින් එල්ල විය හැකි බවයි.