ads
Travel

සංචාරකයින්ට තහනම් වුණත්, හැමෝම බලන්න යන ලොව කුඩාම දූපත

zira-fb
zira-twitter
zira-whatsapp
zira-viber
zira-fb
zira-twitter
zira-whatsapp
zira-telegram
zira-viber
ඇමෙරිකාව සහ කැනඩාව වෙන් කරන ශාන්ත ලෝරන්ස් නදියේ (St. Lawrqence River) දූපත් 1,864ක් විසිරී පවතී. මේ දූපත් සමූහය අතර "Thousand Islands" නමින් හැඳින්වෙන කලාපයේ පිහිටි එක් අපූරු ස්ථානයක් ලොව පුරා සංචාරකයින්ගේ අවධානය දිනාගෙන ඇත. ඒ අන් කිසිවක් නොව, තනි නිවසක් සහ එක ගසක් පමණක් පිහිටි "Just Room Enough Island" හෙවත් හබ් අයිලන්ඩ් දූපතයි.

මෙම දූපත කෙතරම් කුඩාද යත්, එහි සම්පූර්ණ වර්ග ප්‍රමාණය වර්ග අඩි 3,300ක් පමණ වේ. සරලවම කිවහොත් මෙය ටෙනිස් පිටියක ප්‍රමාණයට සමානය. දූපතේ වැඩි කොටසක් වසාගෙන ඇත්තේ එහි ඉදිකර ඇති කුඩා නිවසයි. නිවසට යාබදව එක් ගසක් සහ පඳුරු කිහිපයක් ඇති අතර, ඒ හැරුණු විට ඉතිරිව ඇත්තේ ඉඳගැනීමට කුඩා බංකුවක් තැබිය හැකි පටු වෙරළ තීරයක් පමණි. ගඟේ ජල මට්ටම අඟල් කිහිපයකින් ඉහළ ගියහොත් නිවසේ දොරකඩටම වතුර පැමිණීම මෙහි ඇති සුවිශේෂීත්වයයි.

ශාන්ත ලෝරන්ස් නදියේ ඇති ගොඩබිම් කොටසක් "දූපතක්" ලෙස නිල වශයෙන් පිළිගැනීමට නම් කරුණු කිහිපයක් සම්පූර්ණ විය යුතුය. ප්‍රධාන වශයෙන්ම එය වසර පුරාම ජල මට්ටමට ඉහළින් තිබිය යුතුය, අවම වශයෙන් වර්ග අඩියකවත් ඉඩක් තිබිය යුතුය, සහ අවම වශයෙන් ජීවමාන ගස් දෙකක් හෝ විශාල පඳුරු තිබිය යුතුය. හබ් අයිලන්ඩ් දූපතේ හිමිකරුවන් වූ සයිස්ලන්ඩ් පවුල 1950 දශකයේදී මෙහි ගසක් රෝපණය කළේ සිය නිවහන දූපතක් ලෙස නිල වශයෙන් ලියාපදිංචි කරවා ගැනීමටයි.

බොහෝ කාලයක් ලොව කුඩාම ජනාවාසිත දූපත ලෙස ගිනස් වාර්තාව හිමිකරගෙන තිබුණේ එංගලන්තයට අයත් "බිෂොප් රොක්" දූපතයි. නමුත් 1982 දී එහි වූ ප්‍රදීපාගාරය ස්වයංක්‍රීය කිරීමත් සමඟ එහි මිනිස් වාසය නැති විය. ඉන්පසු මෙම අපූරු වාර්තාව අත්ලන්තික් සාගරය තරණය කර නිව්යෝර්ක් හි පිහිටි මෙම පුංචි දූපත වෙත හිමි විය. අද වන විට එය ලෝකයේ කුඩාම "නිවසක් සහිත දූපත" ලෙස ප්‍රසිද්ධියට පත්ව තිබේ.

your image

මෙම දූපත අසලින් යන සංචාරක බෝට්ටු එහි සුන්දරත්වය නැරඹීමට මඳකට නතර කළද, කිසිදු සංචාරකයෙකුට දූපතට ගොඩබැසීමට අවසර නැත. එය පෞද්ගලික දේපළක්. ඔබත් කවදා හෝ ඇමෙරිකාවේ නිව්යෝර්ක් ප්‍රාන්තයේ සංචාරයක යෙදුණහොත්, ඇලෙක්සැන්ඩ්‍රියා සිට යාත්‍රා කරන බෝට්ටුවක නැගී මෙම අපූරු "වැඩිය ඉඩක් නැති" දූපත දැකබලා ගත හැකිය.

0%
0%
0%
0%
Comments