ads
Entertainment

සිනමාවේ ආදරණීය "ගීතා - ගෝවින්දම්" සැබෑ ජීවිතයේදීත් අත්වැල් බැඳගනීද?

zira-fb
zira-twitter
zira-whatsapp
zira-viber
zira-fb
zira-twitter
zira-whatsapp
zira-telegram
zira-viber
ඉන්දීය සිනමාවේ අතිශය ජනප්‍රිය මෙන්ම ආදරණීයම යුවළක් වන විජේ දේවරකොන්ඩා සහ රශ්මිකා මන්දනා පිළිබඳව අලුත්ම පුවතක් මේ දිනවල සමාජ මාධ්‍ය කැළඹීමට සමත්ව තිබෙනවා. එළඹෙන පෙබරවාරි 26 වැනිදා ඔවුන් දෙපළ යුග දිවියට පිවිසීමට නියමිත බවයි ඉන්දීය කලා ක්ෂේත්‍රයේ අභ්‍යන්තර තොරතුරු වාර්තා කරන්නේ.

දැනට සමාජ මාධ්‍යයේ සැරිසරන මංගල ආරාධනා පත්‍රයකට අනුව, පෙබරවාරි 26 වන දින පවුලේ සමීපතමයින්ගේ සහභාගීත්වයෙන් චාම් චාරිත්‍ර වාරිත්‍ර මාලාවක් පවත්වා විවාහය සිදු කිරීමට සැලසුම් කර තිබෙනවා. 

ඉන් අනතුරුව, මාර්තු 04 වැනිදා හයිද්‍රාබාද් නුවරදී සිනමා ක්ෂේත්‍රයේ හිතමිතුරන් වෙනුවෙන් උත්කර්ෂවත් මංගල සාදයක් පැවැත්වෙන බවද එම වාර්තාවල සඳහන්. 

පසුගිය ඔක්තෝම්බර් මාසයේදී ඔවුන් රහසේ විවාහ ගිවිසගත් බවට තොරතුරු පැතිරුණද, මේ වන තෙක් විජේ හෝ රශ්මිකා මේ පිළිබඳව නිල ප්‍රකාශයක් ලබා දී නොමැති වීම රසිකයන් තුළ තවමත් කුතුහලයක් ඉතිරි කර තිබෙනවා.

විජේ සහ රශ්මිකාගේ සුසංයෝගය මුලින්ම ප්‍රේක්ෂක හදවත් දිනාගත්තේ 2018 වසරේ තිරගත වූ 'Geetha Govindam' චිත්‍රපටය හරහායි. ඉන්පසුව 2019 වසරේ තිරගත වූ 'Dear Comrade' චිත්‍රපටයේදී ඔවුන් අතර තිබූ අපූර්ව රංගන රසායනය නිසාම මොවුන් දෙදෙනා සැබෑ ජීවිතයේදීත් පෙම්වතුන් බවට කටකතා පැතිරෙන්නට වුණා. 

පසුගිය අගෝස්තු මාසයේ නිව්යෝර්ක් නුවර පැවති 43 වන ඉන්දියානු දින පා ගමනේදී ඔවුන් දෙදෙනා එකට පෙනී සිටීමත් සමඟ මෙම පුවත්වලට නව පණක් ලැබුණා.

වර්තමානය වන විට විජේ දේවරකොන්ඩා සහ රශ්මිකා මන්දනා යන දෙදෙනාම ඔවුන්ගේ වෘත්තීය ජීවිතයේ ඉහළම තලයක පසුවනවා. 'Pushpa' චිත්‍රපටය හරහා මුළු ඉන්දියාවම දිනාගත් රශ්මිකා මෑතකදී 'Animal' සහ 'The Girlfriend' වැනි චිත්‍රපට හරහා සිය දක්ෂතා විදහා දැක්වූවා. 

එසේම විජේ දේවරකොන්ඩා දකුණු ඉන්දීය සිනමාවෙන් ඔබ්බට ගොස් සමස්ත ඉන්දියාවේම "National Crush" එකක් බවට පත්ව අවසන්. කෙසේ වෙතත්, මේ සුන්දර තරු යුවළගේ විවාහ මංගල්‍යයේ ඡායාරූප දැක ගැනීමට ඔවුන්ගේ ලක්ෂ සංඛ්‍යාත රසික පිරිස දැන් පසුවන්නේ දැඩි නොඉවසිල්ලෙනි. තොරතුරු TOI ඇසුරිනි 

0%
0%
0%
0%
Comments