
ප්‍රවීණ ඡායාරූප ශිල්පී ලාල් හෑගොඩ මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත වූ මෙම ප්‍රදර්ශනය, කැමරා කාචයක් හරහා ලෝකය දකින නිර්මාණකරුවන්ගේ අපූර්ව අත්දැකීමක් බවට පත්ව තිබේ.

මෙවර ප්‍රදර්ශනයේ සුවිශේෂත්වය වන්නේ ඡායාරූපකරණය හුදු රූප රාමුවකට පමණක් සීමා නොකර, එය සමාජය, මතකය සහ මිනිස් අනන්‍යතාවය ලෙස ප්‍රතිව්‍යුහගත කිරීමයි. ප්‍රවීණ ශිල්පීන්ගේ පරිණත දැක්මත්, නව පරපුරේ නැවුම් සහ විප්ලවීය නිර්මාණශීලිත්වයත් එකම වහලක් යටදී දැකගත හැකි වීම කලාවට ලැදි ඕනෑම අයෙකුට අතපසු නොකළ යුතු අවස්ථාවකි.

මෙම අවස්ථාව වර්ණවත් කිරීමට සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක දිල්හානි මහත්මිය, ගරු අමාත්‍යතුමාගේ සම්බන්ධීකරණ ලේකම් ප්‍රේමරත්න තෙන්නකෝන් මහතා සහ ජාතික කලා මණ්ඩලයේ සභාපති කීර්ති වැලිසරගේ මහතා ඇතුළු සම්භාවනීය පිරිසක් එක්ව සිටියහ.

දෘශ්‍ය කලාවේ සැබෑ ජීවය විඳගන්නට කැමති ඔබ සැමට මෙම ප්‍රදර්ශනය විවෘතව පවතින අතර, කාර්යබහුල ජීවිතයෙන් මදකට මිදී කලාත්මක දෑසකින් ලොව දකින්නට මෙය අපූරු ආරාධනාවකි.