ads
Travel

දෙස් විදෙස් ආකාර්ෂණය දිනූ පින්නවල අලි අනාථාගාරය

zira-fb
zira-twitter
zira-whatsapp
zira-viber
zira-fb
zira-twitter
zira-whatsapp
zira-telegram
zira-viber
ලක් දෙරණේ සොබාදහමට ලැදි සංචාරකයන්ගේ මෙන්ම දේශීය විදේශීය කාගේත් ආකර්ෂණය දිනාගත් පින්නවල අලි සංරක්ෂණ මධ්‍යස්ථානය, අද (16) සිය අභිමානවත් 51 වන සංවත්සරය සමරනු ලබයි.පරිසර අමාත්‍ය වෛද්‍ය දම්මික පටබැඳි මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම සැමරුම් උළෙලේදී, අපේ අලි සම්පත වෙනුවෙන් තවත් සුවිශේෂී පියවරක් තැබීමට බලධාරීන් කටයුතු කළා.

your image

ඒ "නිදහස් අලි අරණ" නම් වූ නවීන පහසුකම් සහිත මධ්‍යස්ථානය විවෘත කිරීමයි. විශේෂයෙන්ම ලිංගික පරිණතභාවයට පත්වන පිරිමි අලි "මද" කිපෙන කාලසීමාවේදී ඔවුන්ට වඩාත් නිදහසේ සහ සුබසාධන ප්‍රතිපත්තීන්ට අනුකූලව ජීවත් වීමට මෙහිදී ඉඩකඩ සැලසේ.

සුන්දර පින්නවල ගම්මානයේ පිහිටි මෙම අනාථාගාරය ආරම්භ වූයේ 1975 වසරේදී වනජීවී දෙපාර්තමේන්තුව යටතේයි. අලි පැටවුන් සිව්දෙනෙකුගෙන් ඇරඹි මේ ගමන, අද වන විට 100කට අධික අලි පිරිසකගේ නිවහන බවට පත්ව තිබේ. වනයේදී මව අහිමි වූ හෝ අනතුරට පත් වූ අසරණ අලි පැටවුන්ට මෙන්ම තුවාල ලැබූ වැඩිහිටි අලින්ටද සෙනෙහසින් රැකවරණය දීම මෙහි ප්‍රධාන අරමුණයි. 

"සොබාමත් ශ්‍රී ලංකාවක්" යන තේමාව යටතේ ක්‍රියාත්මක වන රජයේ තිරසර වැඩපිළිවෙළට අනුව, අද දින පෙර පාසල් දරුවන් වෙනුවෙන් සමරු කාඩ්පත් ප්‍රදානයක් සහ රුක් රෝපණ වැඩසටහනක්ද මෙහිදී සංවිධානය කර තිබුණි.

your image

පින්නවල යන ඔබ අනිවාර්යයෙන්ම දැකගත යුතු දර්ශනයක් වන්නේ අලින් ගඟට ගෙන ගොස් ස්නානය කරවන අයුරුයි. අලි රංචුවක් එකට එක්ව දිය කෙළියේ යෙදෙන ආකාරය නරඹන එක ඇත්තටම මනරම් අත්දැකීමක්. 

එමෙන්ම වයස අවුරුදු තුනට අඩු අලි පැටවුන්ට බෝතල් කළ කිරි ලබා දෙන අයුරුත් සංචාරකයන් අතර ඉතා ජනප්‍රියයි. එක් අලියෙකු වෙනුවෙන් දිනකට කොළ පැහැති ආහාර කිලෝග්‍රෑම් 76ක් සහ සහල් නිවුඩ්ඩ, බඩ ඉරිඟු අඩංගු පෝෂ්‍යදායී ආහාර වේලක් ලබා දීමට මෙහි කාර්ය මණ්ඩලය නිරන්තරයෙන් කැපවී සිටියි.

කොළඹ - මහනුවර ප්‍රධාන මාර්ගයේ කෑගල්ල ප්‍රදේශයෙන් හැරී පහසුවෙන් ළඟා විය හැකි පින්නවල, සති අන්තයක නිදහසේ ගත කරන්නට කදිම ස්ථානයකි. නවීන තාක්ෂණය හා විද්‍යාත්මක කළමනාකරණය ඔස්සේ ඉදිරියට යන මෙම මධ්‍යස්ථානය, සතුන්ට ආදරය කරන ඔබ ජීවිතයේ එක් වරක් හෝ නැරඹිය යුතුම තැනක්.

0%
0%
0%
0%
Comments