මෙහිදී සිනමා පට කිහිපයක්ම කැපී පෙනෙන ජයග්‍රහණ අත්කර ගත් අතර, විශේෂයෙන්ම ඔස්කාර් සම්මාන සඳහා නිර්දේශිත නිර්මාණ මෙහිදී පෙරමුණ ගැනීම විශේෂත්වයක්. රේචල් හැරිස්ගේ මෙහෙයවීමෙන් වර්ණවත් වූ මෙම රාත්‍රිය පුරා දක්ෂ වේශ නිරූපණ ශිල්පීන් සහ කොණ්ඩා මෝස්තර ශිල්පීන්ගේ නිර්මාණශීලීත්වය ඇගයීමට ලක් වුණා.
මෙවර සම්මාන උළෙලේ සිනමා අංශයේ වැඩිම අවධානයක් දිනාගත්තේ Warner Bros සමාගමේ 'Sinners' සහ 'One Battle After Another' යන චිත්‍රපටයි. ඔස්කාර් සම්මාන 16කට නිර්දේශ වී ඇති 'Sinners' චිත්‍රපටය, හොඳම කාලීන (Period) වේශ නිරූපණය සහ කොණ්ඩා මෝස්තරය යන සම්මාන ද්විත්වයම තමන් සතු කරගත්තා.
එමෙන්ම, 'One Battle After Another' චිත්‍රපටය සමකාලීන අංශයේ හොඳම වේශ නිරූපණය සහ කොණ්ඩා මෝස්තරය යන සම්මාන දිනාගනිමින් සිනමා අංශයේ සිය ආධිපත්‍යය තහවුරු කළා. Netflix ආයතනයේ 'Frankenstein' චිත්‍රපටය හොඳම විශේෂ ප්‍රයෝග වේශ නිරූපණය සඳහා වන සම්මානය දිනාගැනීමට සමත් වුණා.
MUAHS සම්මාන උළෙලේ ජයග්‍රහණ දෙස බලන විට, මෙවර ඔස්කාර් සම්මාන උළෙලේ "හොඳම වේශ නිරූපණය සහ කොණ්ඩා මෝස්තර" කාණ්ඩයේ ජයග්‍රාහකයා පිළිබඳ යම් ඉඟියක් ලබාගත හැකියි.
2014 වසරේ සිට මේ දක්වා, දෙවතාවක් හැර අනෙක් සෑම වසරකම MUAHS හි ප්‍රධාන සම්මානයක් දිනූ නිර්මාණයක් ඔස්කාර් සම්මානයද දිනා ගැනීමට සමත් වී තිබෙනවා. ඒ අනුව මෙවර Sinners හෝ Frankenstein චිත්‍රපට කෙරෙහි බොහෝ දෙනාගේ අවධානය යොමුව පවතිනවා.
රූපවාහිනී අංශයෙන් NBC නාලිකාවේ 'Saturday Night Live' වැඩසටහන සම්මාන තුනක් දිනාගනිමින් පෙරමුණ ගත්තා. Apple TV හි 'The Studio' සහ 'Palm Royale' යන කතාමාලා ද සම්මාන දෙක බැගින් දිනාගනිමින් සිය දක්ෂතා ප්‍රදර්ශනය කළා.
කුඩා දරුවන් වෙනුවෙන් වෙන්වූ අංශයෙන් Disney හි 'Skeleton Crew' කතාමාලාව වේශ නිරූපණය සහ කොණ්ඩා මෝස්තර යන අංශ දෙකෙන්ම සම්මාන හිමිකර ගැනීම විශේෂත්වයක්. මීට අමතරව, ලේඩි ගාගාගේ "Abracadabra" ගීතයේ රූප රාමුව හොඳම වේශ නිරූපණය සහිත සංගීත වීඩියෝව ලෙස මෙහිදී සම්මානයට පාත්‍ර වුණා.
මෙම උළෙලේදී ක්ෂේත්‍රය වෙනුවෙන් දිගුකාලීන මෙහෙවරක් කළ ශිල්පීන් කිහිප දෙනෙකුට ගෞරව සම්මාන පිරිනැමුණා. 'Raging Bull' සහ මයිකල් ජැක්සන්ගේ 'Thriller' වැනි නිර්මාණවල වේශ නිරූපණ ශිල්පී ග්‍රෙග් නෙල්සන් හට ජීවිතයට එක් වරක් පමණක් පිදෙන විශේෂ සම්මානයක් (Lifetime Achievement Award) හිමි වුණා.
එමෙන්ම 'Forrest Gump' සහ 'The Matrix' වැනි චිත්‍රපටවල කොණ්ඩා මෝස්තර නිර්මාණය කළ ජූඩි ඇලෙක්සැන්ඩර් කෝරි ද ජීවිත කාලයටම පිදෙන සම්මානයෙන් පිදුම් ලැබුවා. මයිකල් ජොන්ස්ටන් සහ ඇමී මැඩිගන් ද මෙහිදී විශේෂ ඇගයීම් සම්මානවලින් පිදුම් ලැබූ සෙසු ශිල්පීන් වුණා.