ads
Travel

වර්ෂාවට පෙම් බඳින්නන් සඳහාම වෙන් වූ ලොව අසිරිමත් නගර

zira-fb
zira-twitter
zira-whatsapp
zira-viber
zira-fb
zira-twitter
zira-whatsapp
zira-telegram
zira-viber
වැස්ස කියන්නේ සමහරුන්ට ආදරණීය අත්දැකීමක් වුණත්, තවත් සමහරුන්ට නම් එය එදිනෙදා වැඩකටයුතු අඩාල කරන බාධාවක්. ලෝකයේ වැඩිම වර්ෂාපතනයක් වාර්තා වන නගර දෙස බැලීමේදී ලතින් ඇමරිකානු කලාපය ඉදිරියෙන්ම සිටිනවා.

your image

මෙහි ප්‍රමුඛයා වන්නේ වසරකට දින 258 ක් පුරා වැසි ඇදහැලෙන කොලොම්බියාවේ බුවන වෙන්චුරා (Buenaventura) නගරයයි. ඊට නොදෙවැනි වන මැනිසාලෙස් (දින 257) සහ සැන් විටෝ (දින 253) යන නගර ද මෙම ලැයිස්තුවේ ඉහළින්ම වැජඹෙනවා. සමකාසන්න පිහිටීම, කඳුකර භූමිය සහ සාගරයට ඇති සමීප බව නිසා මෙම නගර වසරේ වැඩි කාලයක් වැසි සළුවෙන් වැසී පවතිනවා.

your image

ලතින් ඇමරිකාවට පසුව ලෝකයේ අවධානය දිනාගත් අනෙක් කලාපය වන්නේ අග්නිදිග ආසියාවයි. විශේෂයෙන්ම ඉන්දුනීසියාවේ ටිමිකා නගරය වසරකට වැසි දින 244 ක් වාර්තා කරමින් ලොව දසවන ස්ථානයට පත්ව තිබෙනවා. 

මෝසම් සුළං පද්ධති සහ නිවර්තන භූගෝලීය පිහිටීම නිසා ටිමිකා නගරයේ වැසියන්ට වැස්ස යනු දෛනික ජීවිතයේ වෙන් කළ නොහැකි කොටසක්. ඉන්දුනීසියාවට අමතරව මැලේසියාව සහ පිලිපීනය වැනි රටවල ද මෙවැනිම තෙතබරිත දේශගුණික රටාවක් දැකගත හැකියි.

වැස්ස සමඟ හැඩගැසුණු නාගරික ජීවිතය 

your image

ලෝක දර්ශකයේ ඉහළින්ම නැතත්, අග්නිදිග ආසියාවේ ප්‍රධාන නගර වන ජකර්තා, ක්වාලාලම්පූර් සහ මැනිලා වැසියන්ගේ ජීවන රටාව තීරණය කරන්නේ වැස්ස විසිනුයි. දීර්ඝ වර්ෂා කාලයන් මෙම නගරවල යටිතල පහසුකම්, ප්‍රවාහනය සහ විලාසිතා පවා වෙනස් කිරීමට සමත්ව තිබෙනවා. 

නිරන්තරයෙන් සිදුවන දේශගුණික විපර්යාස හමුවේ ගංවතුර අවදානමට මුහුණ දෙන අතරම, තම ජල අවශ්‍යතා සපුරා ගැනීමට සොබාදහම ලබාදෙන මෙම වටිනා සම්පත කළමනාකරණය කරගැනීමට මෙම නගර වැසියන් නිරන්තරයෙන් උත්සාහ කරනවා.

0%
0%
0%
0%
Comments