ads
Travel

ටින් ටින්ගෙන් හැඩවුණ ගුවන් යානය

zira-fb
zira-twitter
zira-whatsapp
zira-viber
zira-fb
zira-twitter
zira-whatsapp
zira-telegram
zira-viber
ලෝකප්‍රකට "ටින් ටින්" චිත්‍රකතා මාලාව ගැන නොදන්නා කෙනෙක් නැති තරම්. බෙල්ජියමේ ජාතික උරුමයක් බඳු වූ මේ අපූරු චරිතය නැවත වරක් අහස් ගැබ ජය ගැනීමට සූදානම් වෙමින් සිටිනවා. බෙල්ජියම් ගුවන් සේවය සිය ‘Belgian Icons’ එකතුව යටතේ, ටින් ටින්ගේ සඳ ගමන සහ අභ්‍යවකාශ වික්‍රමාන්විතයන් තේමා කරගත් සුවිශේෂී වර්ණ රටාවලින් සැරසුණු Airbus A320 වර්ගයේ නවතම ගුවන් යානයක් පසුගියදා එළිදක්වනු ලැබුවා.

පෙබරවාරි 13 වනදා එනම් අද දින මිලාන් බලා පියාසර කරමින් සිය මංගල ගමන ආරම්භ කළ මෙම යානය, හර්ජ්ගේ අද්විතීය නිර්මාණ ලෝකය ලොව පුරා ගෙනයාමට සැරසී සිටිනවා.

your image

මෙම නව සැලසුම නිර්මාණය කර ඇත්තේ Tintinimaginatio ආයතනය සමඟ ඉතා සමීප සහයෝගයෙන්. අභ්‍යවකාශය සහ සඳ ගමන තේමාව ලෙස තෝරාගෙන ඇත්තේ එය ගුවන් සේවයට මෙන්ම ගවේෂණයේ ජීවගුණයට මනාව ගැලපෙන නිසාවෙනුයි. යානයේ බාහිර පෙනුම මධ්‍යම රාත්‍රී නිල් පැහැයේ සිට කළු පැහැය දක්වා දිවෙන අලංකාර වර්ණ සංකලනයකින් හැඩවී තිබෙනවා. 

මෙහි ඇති සුවිශේෂීම අංගය වන්නේ යානයේ දෙපස එකිනෙකට වෙනස් චරිත නිරූපණය වීමයි. යානයේ එක් පසෙකින් ටින් ටින් සහ සඳ දිස්වන අතර, අනෙක් පසින් ස්නෝවි සහ කැප්ටන් හැඩොක් දිස්වනවා. යානයේ යට කොටසේ ඇඳ ඇති රතු සහ සුදු කොටු සහිත අභ්‍යවකාශ රොකට්ටුව, යානය ගුවන්ගත වන විට සැබවින්ම අහසට විදින රොකට්ටුවක් මෙන් දිස්වීම කාගේත් නෙත් ඇදගන්නා දසුනක්.

your image

ගුවන් යානයේ බාහිර පෙනුම පමණක් නොව, එහි ඇතුළත ද මගීන්ට අභ්‍යවකාශ චාරිකාවක අත්දැකීම ලබා දෙන පරිදි නිර්මාණය කර තිබීම විශේෂත්වයක්. මගීන්ට තමන්ගේ ගමන් මලු තැන්පත් කරන ඉහළ කබඩ් දෙස බලන විට, චිත්‍රකතාවක පිටු පෙරළෙන්නාක් මෙන් රොකට්ටුව පෘථිවියෙන් ඉවතට යන අයුරු සහ ග්‍රහකයන් අතරින් ගමන් කරන අයුරු දැකගත හැකියි. 

එහි හර්ජ්ගේ සුප්‍රකට වැකියක් වන "මිනිසා තම සිහින විශ්වාස කළහොත්, ඔහුට ඒවා සැබෑ කරගත හැකිය" යන්න ද සටහන් කර තිබෙනවා. මීට අමතරව යානයේ බිම සහ අනෙකුත් කොටස් ද සඳ මත ඇවිද යන අත්දැකීම ලබා දෙන පරිදි සියුම් ලෙස නිර්මාණය කර තිබෙනවා.

your image

මෙම ව්‍යාපෘතිය 2029 වසරේදී යෙදෙන ටින් ටින්ගේ 100 වැනි සංවත්සරය සැමරීමේ මූලික පියවරක් ලෙසයි සැලකෙන්නේ. මීට පෙර ‘Rackham’ නමින් හැඳින්වුණු ටින් ටින් තේමාව සහිත යානය ලැබූ අතිමහත් ජනප්‍රියත්වය නිසාම මෙම දෙවන යානය නිර්මාණය කිරීමට බ්‍රසල්ස් ගුවන් සේවය තීරණය කර තිබෙනවා.

0%
0%
0%
0%
Comments